Update – මන්ත්‍රී උද්ධිකගේ සුවදුක් බලන්න මැති ඇමති පිරිසක් අනුරපුර නිවසට

වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණ තිබෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ අනුරාධපුර පිහිටි පෞද්ගලික නිවසට අදාළ මන්ත්‍රීවරුන් මෙලෙස පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සමඟි ජනබල වේගයේ මන්ත්‍රී රෝහන බණ්ඩාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙලෙස උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට පැමිණ තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධයෙන් විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට දී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, මන්ත්‍රීවරයා කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවසට පැමිණි අවස්ථාවේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර, මෝටර් රථයේ වම්පැත්තේ පිටුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබුණා.

වෙඩි තැබීම සඳහා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිත කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, සඳහා යොදන ජීව උණ්ඩයක් සහ හිස් පතොරම් කොපුවක් වෙඩි තැබීම සිදුකළ ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
12
+1
24
+1
5
+1
12
+1
7
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53