Update – නවදිල්ලි පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් – බෝම්බකරු වෛද්‍යවරයෙක්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ ඊයේ (10) සිදු වූ පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු උමාර් මොහොමඩ් නැමැති වෛද්‍යවරයෙකු බවයි සැකපළ කරන්නේ.

ඔහුගේ ඡායාරුපයක් ද ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

1989 පෙබරවාරි 24 වන දින ජම්මු සහ කාශ්මීරයේ පුල්වාමා හි උපත ලැබූ උමාර්, අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන රතු බලකොටුව ආසන්නයේ ඊයේ (10) පස්වරු 6.52කට පමණ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුවූ අතර, එහිදී පුද්ගලයින් 09 දෙනෙක් මියගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මාදිලියේ මෝටර් රථය තුළ මෙම පිපිරීම සිදුව ඇති බව අනාවරණය වී ඇති අතර, ප්‍රහාරකයා ද එම මෝටර් රථය තුළ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රහාරයට පැය තුනකට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකාර රියදුරු එම මෝටර් රථය රතු බලකොටුව ආසන්න රථගාලක් වෙත පැමිණි අයුරු ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා.

අනතුරුව ඔහු රථය රථ ගාලෙන් ඉවතට පදවාගෙන පැමිණ ජනාකීර්ණ මාර්ගය වෙත පිවිස කෙටි වේලාවකින් එය පුපුරවා හැර ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
5
+1
2
+1
4
+1
2
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?