Update – නවදිල්ලි පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් – බෝම්බකරු වෛද්‍යවරයෙක්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ ඊයේ (10) සිදු වූ පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු උමාර් මොහොමඩ් නැමැති වෛද්‍යවරයෙකු බවයි සැකපළ කරන්නේ.

ඔහුගේ ඡායාරුපයක් ද ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

1989 පෙබරවාරි 24 වන දින ජම්මු සහ කාශ්මීරයේ පුල්වාමා හි උපත ලැබූ උමාර්, අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන රතු බලකොටුව ආසන්නයේ ඊයේ (10) පස්වරු 6.52කට පමණ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුවූ අතර, එහිදී පුද්ගලයින් 09 දෙනෙක් මියගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මාදිලියේ මෝටර් රථය තුළ මෙම පිපිරීම සිදුව ඇති බව අනාවරණය වී ඇති අතර, ප්‍රහාරකයා ද එම මෝටර් රථය තුළ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රහාරයට පැය තුනකට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකාර රියදුරු එම මෝටර් රථය රතු බලකොටුව ආසන්න රථගාලක් වෙත පැමිණි අයුරු ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා.

අනතුරුව ඔහු රථය රථ ගාලෙන් ඉවතට පදවාගෙන පැමිණ ජනාකීර්ණ මාර්ගය වෙත පිවිස කෙටි වේලාවකින් එය පුපුරවා හැර ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.

  1. මොන තනතුර දැරුව ද …. මුස්ලිම් නම් අන්තවාදී ත්‍රස්තවාදීන්ය. එය එම මිනිස්සුන් ගේ වරද නොව කුරාණයේ ඉගැන්වීමයි. චීනය සේ කුරාණය ලංකාවේ හා ලොව තුල අරාබිය නොවන රටවල් තහනම් කල යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36