Update :- ධනුෂ්ක ගුණතිලකට ඇප නැතිවෙයි

ලිංගික චෝදනා 04කට සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ, සිඩ්නි සිටි පොලිසිය විසින් ඔහුව අද (06) පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී චෝදනා සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරයා ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (05) දින සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටියදී සිඩ්නි සිටි පොලිසිය විසින් ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.

පැමිණිල්ලක් සිදුකරමින් අදාළ 29 හැවිරිදි කාන්තාව පවසා ඇත්තේ ගුණතිලක විසින් තමන්ට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදුකළ බවයි.

dating App හරහා ධනුෂ්කට අදාළ කතාව මුණගැසී ඇති අතර, සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසක් තුළ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරි වාර්තා වන්නේ.

සිද්ධිය සිදුවූ බව කියන රෝස් බේ ප්‍රදේශයේ නිවස ඊයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14