Update :- ධනුෂ්ක ගුණතිලකට ඇප නැතිවෙයි

ලිංගික චෝදනා 04කට සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ, සිඩ්නි සිටි පොලිසිය විසින් ඔහුව අද (06) පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී චෝදනා සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරයා ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (05) දින සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටියදී සිඩ්නි සිටි පොලිසිය විසින් ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.

පැමිණිල්ලක් සිදුකරමින් අදාළ 29 හැවිරිදි කාන්තාව පවසා ඇත්තේ ගුණතිලක විසින් තමන්ට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදුකළ බවයි.

dating App හරහා ධනුෂ්කට අදාළ කතාව මුණගැසී ඇති අතර, සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසක් තුළ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරි වාර්තා වන්නේ.

සිද්ධිය සිදුවූ බව කියන රෝස් බේ ප්‍රදේශයේ නිවස ඊයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?