Update – තලල්ල බස් අනතුරින් තුවාල ලැබූවන් ගණන 40 පනී (වීඩියෝ)

මාතර – තංගල්ල මාර්ගයේ තලල්ල, වජිර වංශ මාවත ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (26) පෙරවරුවේ අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 40කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසන්නේ.

තුවාල ලැබූවන් මාතර සහ බතීගම රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගාල්ල සිට අම්පාර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල සිට මාතර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted