Empty Ad
AFC Banner
Empty Ad

UPDATE:- ගුවන් යානා 06ක් හරවා යද්දී චීන යානාවක් පරිස්සමට කටුනායකට ගොඩබස්සවයි

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත ඊයේ (26) රාත්‍රියේ දී හරවා යවා තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයිනේ මාලේ නුවර සිට පැමිණි ගුවන් යානා මෙන් ම අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ජපානයේ නරීටා, ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 03ක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 09.00 චීනයේ චෙංඩු ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානය වැසි තත්ත්වය පැවතියත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
Video thumbnail
ගෙයින් ගෙට ගොස් බෙදන ඡන්ද පත්‍රිකා
01:35
<p>?</p>