Update – කොරියා ගුවන් අනතුරේ මරණ ගණන තවත් ඉහළට – යානයේ සිටි අයගේ ඥාතීන් ගුවන් තොටට (ඡායාරූප)

පුද්ගලයින් 181ක් සමඟ දකුණු කොරියානු ගුවන් යානයක් හදිසි ගොඩබෑමක දී අද (29) පෙරවරුවේ සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 167ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර දිවි ගලවා ගත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය දෙදෙනෙක් සුන්බුන් අතරින් සොයාගෙන රෝහල් ගත කළ බවයි එරට ජාතික ගිනි නිවන ඒජන්සිය මීට පෙර සඳහන් කළේ.

1500කට අධික පිරිසක් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව අතර, විශේෂ ආපදා කලාපයක් ද මුආන් ගුවන්තොටුපොළ අවට ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

බෝයිං 737-800 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් වූ අතර, ජෙජු එයාර් ගුවන් සමාගම විසින් මෙම යානය මෙහෙයවනු ලැබුවා.

මගීන් 175ක් සහ කාර්යමණ්ඩලයේ 06 දෙනෙකු ද සමඟ තායිලන්තයේ බැංකොක් සිට මුආන් ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබිය දී යානය මෙලෙස අනතුරට ලක් වුණා.

මේ අතරගුවන් අනතුරින් විපතට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් මුආන් ගුවන් තොටුපළේ රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර,එරට ජාතික ගිනි නිවන ඒජන්සිය පවසන්නේ යානයේ එන්ජිමක කුරුල්ලන් ගැටීම මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි.

මේ අතර ගුවන් යානා පටිගත කිරීමේ යන්ත්‍රය කඩා වැටුණු ස්ථානයෙන් සොයා ගැනීමට හැකිව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

8d183730 9e16 47c8 8f0b b30fd23ba3b7.jpg
200624cc ea6c 4a5a ab63 62c3ca722aac.jpg
7f6e4617 b3c3 4613 bdc8 476daa396b7d.jpg
bf60fd4f b61a 4acd 9ee4 ef9a9caad288.jpg
05e787ea 692c 443d 9d34 68bfb96e2c17.jpg
98c84701 cc5e 4eef bdd8 b16b2058a02a.jpg
2ca86df7 9270 46cc aade 44967cf288f2.jpg
87c12e1f 590a 4650 8e47 ad38208b8205.jpg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
10
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23