Indian Premier League

Update – ඊසානදිග යුක්‍රේනයට එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

ඊසානදිග යුක්‍රේනයේ නගරයක් වන සුමි නගරයට රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව යුක්‍රේනය බලධාරීන් පවසන්නේ පුද්ගලයින් 32ක් එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය අය අතර ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

ක්‍රිස්තියානි ශුද්ධ සතියේ පළමු දිනය වන පාම් ඉරිදා සැමරීමට රැස්වුණු පිරිසක් ඉලක්ක කර ගනිමින් රුසියාව මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි යුක්‍රේනය පවසන්නේ.

මේ අතර මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ළමුන් 10 දෙනෙකු ඇතුළුව තවත් 84 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

යුක්‍රේන බුද්ධි සේවය පවසන්නේ රුසියාවේ වොරොනෙෂ් සහ කර්ස්ක් ප්‍රදේශවලින් පැමිණි ඉස්කැන්ඩර්-එම් බැලස්ටික් මිසයිල දෙකකින් සුමි වෙත ප්‍රහාරය එල්ල වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?