Update – ඉෂාරා සෙව්වන්දිගේ ඩමියත් අල්ලයි – පද්මේගේ ඔඩරේට ජේ.කේ. බායි සියල්ල සපයලා

ගනේමුල්ල සංජීව ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැකකාරියක්වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ දී ඇය සමඟ, ඇයගේ රුවට සමාන රුවක් ඇති තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සහ සැකකාරියන් 06 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළා.

පොලිසිය සැකපළ කරන්නේ ඉෂාරා සෙව්වන්දි, ඇයගේ රුවට සමාන රුවක් සහිත කාන්තාව යොදාගෙන නේපාලයේ සිට වෙනත් රටක් වෙත පළායාමේ සැලසුමක් තිබී ඇති බවයි.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඉෂාරා සෙව්වන්දි පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ පසුගිය පෙබරවාරි 19 වනදා ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි දින 04ක් මෙරට රැඳී සිට ඇති බවයි.

ඇය මිද්දෙණිය සහ යාපනය ප්‍රදේශවල සැඟවී සිට ඇති බවත් පසුව යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.කේ. බායි නැමැත්තාගේ උපකාර ඇතිව ඉන්දියාවට පළාගොස් ඇති බවත් කරුණු අනාවරණය වී තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් ඇතිව ජේ.කේ. බායි නැමැත්තා මෙම සියලු උපකාර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය ඉන්දියාවේ සති 03ක පමණ කාලයක් රැඳී සිට ඇති අතර, අනතුරුව නේපාලයට පලාගොස් ඇති බවයි හෙළි වී ඇත්තේ.

මේ අතර ඉෂාරා සෙව්වන්දිට නේපාලයට පලායාමට සහ නේපාලයේ රැඳී සිටීමට අවශ්‍යවන සියලු වියදම් කෙහෙල්බද්දර පද්මේ විසින් දරා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

නේපාලයේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර කිහිපයක් දුරින් වූ කඳුකර ප්‍රදේශයක පිහිටි මහල් නිවාසයක සැඟව සිටිය දී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව මෙහෙයුමක් දියත් කළ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු මෙරට පොලිස් කණ්ඩායමට හැකිව තිබෙනවා.

මේ අතර ඉෂාරා සෙව්වන්දී ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් නේපාල රජයේ සහාය ඇතිව කඩිනමින් දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
14
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?