Update – ඉෂාරා සෙව්වන්දිගේ ඩමියත් අල්ලයි – පද්මේගේ ඔඩරේට ජේ.කේ. බායි සියල්ල සපයලා

ගනේමුල්ල සංජීව ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැකකාරියක්වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ දී ඇය සමඟ, ඇයගේ රුවට සමාන රුවක් ඇති තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සහ සැකකාරියන් 06 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළා.

පොලිසිය සැකපළ කරන්නේ ඉෂාරා සෙව්වන්දි, ඇයගේ රුවට සමාන රුවක් සහිත කාන්තාව යොදාගෙන නේපාලයේ සිට වෙනත් රටක් වෙත පළායාමේ සැලසුමක් තිබී ඇති බවයි.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඉෂාරා සෙව්වන්දි පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ පසුගිය පෙබරවාරි 19 වනදා ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි දින 04ක් මෙරට රැඳී සිට ඇති බවයි.

ඇය මිද්දෙණිය සහ යාපනය ප්‍රදේශවල සැඟවී සිට ඇති බවත් පසුව යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.කේ. බායි නැමැත්තාගේ උපකාර ඇතිව ඉන්දියාවට පළාගොස් ඇති බවත් කරුණු අනාවරණය වී තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් ඇතිව ජේ.කේ. බායි නැමැත්තා මෙම සියලු උපකාර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය ඉන්දියාවේ සති 03ක පමණ කාලයක් රැඳී සිට ඇති අතර, අනතුරුව නේපාලයට පලාගොස් ඇති බවයි හෙළි වී ඇත්තේ.

මේ අතර ඉෂාරා සෙව්වන්දිට නේපාලයට පලායාමට සහ නේපාලයේ රැඳී සිටීමට අවශ්‍යවන සියලු වියදම් කෙහෙල්බද්දර පද්මේ විසින් දරා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

නේපාලයේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර කිහිපයක් දුරින් වූ කඳුකර ප්‍රදේශයක පිහිටි මහල් නිවාසයක සැඟව සිටිය දී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව මෙහෙයුමක් දියත් කළ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු මෙරට පොලිස් කණ්ඩායමට හැකිව තිබෙනවා.

මේ අතර ඉෂාරා සෙව්වන්දී ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් නේපාල රජයේ සහාය ඇතිව කඩිනමින් දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
14
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29