Update – ඇතුළේ තත්ත්වය සන්සුන් – සියලුම රැඳවියන් ආරක්ෂිතව වාට්ටුවලට (වීඩියෝ)

මහර බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුන්තාව මේ වනවිට පාලනය කර ඇති බවත්, මේ වනවිට එහි තත්ත්වය සන්සුන් බවත් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසනවා.

අද (20) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ බන්ධනාගාරයේ සියලුම රැඳවියන් ආරක්ෂිතව ඔවුන්ගේ වාට්ටුවලට මේ වනවිට යොමුකර ඇති බවයි.

ඊයේ (01) පස්වරුවේ මෙම නොසන්සුන්තාව හටගන්නා අවස්ථාවේ දී මහර බන්ධනාගාර තුළ රැඳවියන් 4,100 වැඩි සංඛ්‍යාවක් රදවා සිටි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇති වූ තත්ත්වය මත රැඳවියන් බන්ධනාගාරයේ දේපළවලට දැඩි අලාභ හානි සිදුකර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

ඉදිරි පැය කිහිපය තුළ බන්ධන්ගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අනතුරුව මහර බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

“මෙම බන්ධනාගාරය ඇතුළේ රැඳවියන් 4100 වැඩි ප්‍රමාණයක් හිටියා.
හවස හතරට විතර පටන් ගත්තු නොසන්සුන්තාවය
අද පාන්දර පහ, හය වෙනකන් තිබ්බා. මේගොල්ලෝ බන්ධනගාරයේ
ගොඩාක් දේපළවලට හානිකරලා තියෙනවා. මීගමුවේ සිද්ධියේ අත්දැකීම් එක්ක
දැඩි සිද්ධියක් ඇති නොවී ආරක්ෂක අංශ සියලුදෙනා එකතු වෙලා මේ තත්ත්වය
මැඩපවත්වලා තියෙනවා. සියලුම රැඳවියන් ආරක්ෂිතව ඔවුන්ගේ වාට්ටුවලට යොමුකරලා
ආහාර, ජලය ඇතුළු මූලික පහසුකම් ලබාදෙනවා. දැනට තත්ත්වය සන්සුන්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56