AFC Banner
Empty Ad

Update – අවලංගු වී නැහැ ප්‍රමාදවීම් පමණයි, ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් දැනුම්දීමක්

අද (27) දිනයේ පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 06ක් අවලංගු වී ඇති බව ප්‍රකාශයට පත් වී තිබුණ ද, එම ගුවන් ගමන් අවලංගුවීම් නොව ප්‍රමාදවීම් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසනවා.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක මිට පෙර සඳහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා හයක් ඇතුළු ගුවන් යානා හතක් අවලංගු කර ඇති බවට දැනුම් දී ඇති බවයි.

එමෙන්ම එම ගුවන් යානා නැවත පිටත්ව යන වේලාවක් පිළිබඳව ද දැනුවත් කර නොමැති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?