Update :- අත්අඩංගුවට ගත් ගුණතිලක අද අධිකරණයට – චෝදනාව මෙන්න

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (06) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඔහු ඊයේ (05) රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔහු විසින් අදාළ 29 හැවිරිදි කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.
මෙම සතිය මුලදී සිඩ්නි නුවර පිහිටි නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) පෙරවරුවේ යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට ගමන් ආරම්භ කළා.

ලෝක කුසලාන තරගාවලිය අතර තුර ආබාධයකට ලක්වූ ගුණතිලක යළි ශ්‍රී ලංකාවට නොපැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටියා.