Update – අත්අඩංගුවට ගත් අල්ලු අර්ජුන්ට ඇප

අද (13) පෙරවරුවේ හයිද්‍රාබාද් හි චිකාඩ්පල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු තෙළිඟු නළු අල්ලු අර්ජුන් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, ඔහු තෙලන්ගානා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අල්ලු අර්ජුන් රංගනයෙන් දායකවන පුෂ්පා 02 චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ දී හයිද්‍රාබාද් හි චිත්‍රපට ශාලාවක පිටත සිදු වූ තෙරපීමක දී කාන්තාවක් මිය යාමේ සිද්ධියට ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පැය හතරකට පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති හතරකට අතුරු ඇප ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සහ ස්වේච්ඡාවෙන් තුවාල සිදුකිරීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කරන තිබෙනවා.

අල්ලු අර්ජුන්ගේ පුෂ්පා 02 චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සඳහා හයිද්‍රාබාද් හි සන්ධ්‍යා චිත්‍රපට ශාලාවට පැමිණීමත් සමඟ එහි ඇති වූ තෙරපීමකින් කාන්තාවක් මිය ගොස් ඇගේ නව හැවිරිදි පුතාට බරපතල තුවාල සිදු වුණා.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් ගොනු කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ, සිනමා ශාලාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට සහභාගී වීමට ඔහු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව පොලිසියට දැනුම්දීමට නළුවා සහ චිත්‍රපට ශාලා කළමනාකාරීත්වය කටයුතු කර නොමැති බවයි.

මේ අතර පොලිසියට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් කර තිබූ බව අර්ජුන්ගේ කාර්යාලය සහ චිත්‍රපට ශාලා බලධාරීන් අවධාරනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34