Update – අත්අඩංගුවට ගත් අල්ලු අර්ජුන්ට ඇප

අද (13) පෙරවරුවේ හයිද්‍රාබාද් හි චිකාඩ්පල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු තෙළිඟු නළු අල්ලු අර්ජුන් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, ඔහු තෙලන්ගානා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අල්ලු අර්ජුන් රංගනයෙන් දායකවන පුෂ්පා 02 චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ දී හයිද්‍රාබාද් හි චිත්‍රපට ශාලාවක පිටත සිදු වූ තෙරපීමක දී කාන්තාවක් මිය යාමේ සිද්ධියට ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පැය හතරකට පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති හතරකට අතුරු ඇප ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සහ ස්වේච්ඡාවෙන් තුවාල සිදුකිරීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කරන තිබෙනවා.

අල්ලු අර්ජුන්ගේ පුෂ්පා 02 චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සඳහා හයිද්‍රාබාද් හි සන්ධ්‍යා චිත්‍රපට ශාලාවට පැමිණීමත් සමඟ එහි ඇති වූ තෙරපීමකින් කාන්තාවක් මිය ගොස් ඇගේ නව හැවිරිදි පුතාට බරපතල තුවාල සිදු වුණා.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් ගොනු කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ, සිනමා ශාලාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට සහභාගී වීමට ඔහු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව පොලිසියට දැනුම්දීමට නළුවා සහ චිත්‍රපට ශාලා කළමනාකාරීත්වය කටයුතු කර නොමැති බවයි.

මේ අතර පොලිසියට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් කර තිබූ බව අර්ජුන්ගේ කාර්යාලය සහ චිත්‍රපට ශාලා බලධාරීන් අවධාරනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?