Update- මා ඔයේ දියේ ගිලී අතුරුදන් වූ පිරිස අතරින් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි

බඩල්ගම, මා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව් දෙනෙක් දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබෙනවා.

මේ වන විට ඒ අතරින් දෙදෙනෙකුගේ නිසල සිරුරු සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

බඩල්ගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් මා ඔයේ දිය නෑමට ගොස් ඇති අතර ඒ අතරින් පුද්ගලයන් සිව් දෙනෙක් දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

දියේ ගිලුණු පිරිස අතරට තරුණයින් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් අයත් බව පොලිසිය සඳහන් කළා.