Update – භාතියගේ දිවි රැකගන්න මෙහෙයුමට කාටත් කලින් පෙරමුණ ගත් හමුදා විරුවෝ (ඡායාරූප)

මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමකින් තුවාල ලබා මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය ඇතාගේ ජීවිත ආරක්ෂාව සැලසීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින් යුද හමුදාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව යුද හමුදාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සහ 09 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භටපිරිස් විසින් වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් ඇතාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා කටයුතු කරන ඇති බවයි වාර්තා වුණේ.

ඒ අතරවාරයේ වතුර වළක වැටී දැඩි අව් රශ්මියෙන් පීඩාවිදිමින් සිටි ඇතාට අව් ආවරණයක් ඉදිකර එම සත්වයා අව්‍ රශ්මියෙන් ආරක්ෂා කිරීමට ද එම භටපිරිස් කටයුතු කර තිබුණා.

මීට අමතරව වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා ඇතාගේ හිස ජලය තුළට වැටීම වැළක්වීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අතර මේ වනවිට එම ස්ථානයට පැමිණ සිටින වනජීවී නිලධාරීන් හා සම්බන්ධ වී ඇති යුද හමුදා භටපිරිස්, ඇතා මුදවාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටිනවා.

මේ අතර භාතිය ඇතාගේ තත්ත්වය නිරීක්ෂණයට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඊයේ (04) එම සත්වයා රැඳී සිටින නිකවැරටිය වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයට පැමිණියා.

එහිදී අමාත්‍යවරුන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වෛද්‍ය ප්‍රතිකාර කඩිනම් කරන ලෙසත් ඇතාගේ රැකවරණය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලෙසයි.

WhatsApp Image 2025 07 05 at 4.18.24 PM 1
WhatsApp Image 2025 07 05 at 4.18.24 PM
WhatsApp Image 2025 07 05 at 4.18.23 PM 1
WhatsApp Image 2025 07 05 at 4.18.23 PM
WhatsApp Image 2025 07 05 at 4.18.22 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
0
+1
3
+1
2
+1
11
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?