බද්දේගම, හල්පතොට ප්රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි තවත් කාන්තාවක්
ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ, අනුව මෙම වෙඩි ප්රහාරයෙන් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල් ගතව ප්රතිකාර ලබනවා.
Update – Sunday, September 27, 2026, 11.20 AM
බද්දේගම, හල්පතොට ප්රදේශයේ අද (27) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකු සහ සහ කාන්තාවන් තිදෙනෙක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන මෝටර් රථයකින් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.













