ගල්නෑව නගරයේ පිහිටි නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 20 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, සැකකරු අද (07) දින කැකිරාව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ (06) රාත්රියේ ගල්නෑව නගරයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරුණු බව කියන මෙම පුද්ගලයා ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් පමණ වන ගල්නෑව ප්රදේශයේ පදිංචි අයෙක් වන අතර, මොහු පසුගිය වසරේ මාර්තු මස 10 වන දින රාත්රි කාලයේ අනුරාධපුර රෝහලේ වෛද්යවරියකයේ නිල නිවාසයට ඇතුළු වී ඇයට බරපතළ ලිංගික අපරාධ සිදුකිරීමට සම්බන්ධ සැකකරු බවටයි හඳුනාගෙන ඇත්තේ.
