UPDATE: ඇප ලැබිලත් හිරේට ගිය කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින් (වීඩියෝ)

යාවත්කාලීන කිරීම: හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින් තිදෙනා (බිරිඳ හා දියණිය) ඇප හිමි වුව ද, රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අධිකරණය විසින් නියම කරන ලද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන්.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේයි අල්ලස් කොමිසම විසින් සැකකරුවන් ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇපකරුවන් 09 දෙනෙකු අදාළ පදිංචිය සහ අනෙකුත් තහවුරු කිරිම් සහිත ලිපි ලේඛන සහිතව අධිකරණයට නියමිත වෙලාවට නොපැමිණීම නිසා ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වූ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

ඒ අනුව අධිකරණ වෙලාව අවසන් වූ බැවින් ⁣කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ සහ දියණිය බන්ධනාගාර නිලධාරීන් බසයේ නංවාගෙන වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගියා.

——————————————-———————————————

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණිය වන චන්දුලා රමලී රඹුක්වැල්ල යන අය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (18) නියෝග කළා.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 50,000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදා හරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද නියෝග කළා.

මෙම නඩුකරය මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය තුළ කැඳවූ අතර එහිදී අල්ලස් කොමිසමේ නිලධාරිණිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විසින් අයථා ලෙස රුපියල් මිලියන 97.35ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.

මෙම සැකකරුවන්ගේ සැක කටයුතු ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිසමට වාර්තා කර තිබූ අතර ඒ අනුව මෙම විමර්ශන සිදුකළ බව එම නිලධාරීන් කියා සිටියා.

ඒ අනුව මෙම නඩුකරයේ දෙවන සැකකාරිය වන හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සහ තුන්වන සැකකාරිය වන දියණියට අයත් රුපියල් ලක්ෂ 300 බැගින් වූ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් විමර්ශනවල දී හමුවී ඇති බව සඳහන් කළා.

එමෙන්ම මෙම සැකකරුවන්ට අයත් ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බව කී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම සැකකරුවන්ට අයත් රුපියල් ලක්ෂ 150 බැගින් වූ බැංකු ගිණුම් තුනක් වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පෙන්වා දුන්නා.

මෙම විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල නමැත්තියට අයත් සහාධිපත්‍ය දේපළක් තහනමට ගෙන තිබෙන අතර දියණියගේ සැමියා වන පුරස්ථි බණ්ඩාර නමැත්තාට අයත් මෝටර් රථයක් තහනමට ගෙන අල්ලස් කොමිසම භාරයේ රඳවාගෙන තිබෙන බවත් එම නිලධාරින් ප්‍රකශ කළා.

මෙම විමර්ශනයට අදාළව අනාවරණය කරගත් එක් චෝදනාවක් සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බවත් ඔවුන් සඳහන් කෙරුණා.

ඊට අමතරව සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් නිල නිවාස හා වාහන පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ සමයේ සිදු වූ ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම විසින් විමර්ශන සිදු කරන බව ඔවුන් කියා සිටියා.

මෙම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනවල දී සාක්ෂිකරුවන් සත්‍ය ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන බවත් ඔවුන් වෙත එල්ල වී තිබෙන බලපෑම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන් කර සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.

අල්ලස් කොමිසමේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්ත මහතා මෙම විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය සැකකරුවන් විසින් අල්ලස් කොමිසමට ලබා දී තිබෙන බව පැවසුවා.

සැකකරුවන් විසින් ඔවුන් ආදායම් උපයාගත් ආකාරය ලේඛන සහිතව අල්ලස් කොමිසම හමුවේ පැහැදිලි කර තිබියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බවස ඔහු පෙන්වා දුන්නා.

තම සේවාදායකයා නීති විරෝධී ලෙස මැණික් පතලක් පවත්වාගෙන ගිය බවට අල්ලස් කොමිසම විසින් චෝදනා එල්ල කළත් එය නිසි පරිදි රජයට බදු ගෙවා පවත්වාගෙන ගිය බවත් එම පතලින් තම සේවාදායකයාට මැණික් හමු වූ බවත් නීතිඥවරයා පැවසුවා.

එසේ හමු වූ මැණික් ජාතික ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කළ වෙන්දේසියක දී විකුණා රුපියල් මිලියන 610 ක් සහ මිලියන 125ක් රජයට අය විය යුතු බදු ගෙවීමෙන් පසුව උපයා ගත් බවත් එම සියලු ආදායම් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට පැහැදිලි කර තිබෙන බවත් කියා සිටියා.

තම සේවාදායකයා මීට සති කීපයකට ඉහත දී මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත ව සිටි අතර ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කරනු ලබන ඉල්ලීම පිළිගත නොහැකි බවට නීතිඥවරයා චෝදනා කළා.

තම සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම සිදුකර ඇති බවට තහවුරු වන සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති නිසා සැකකරුවන් සියලු දෙනා ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අදිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අනතුරුව මෙම සැකකරුවන් ඇප මත මුදාහරීමට නියම කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 24 වැනි දා කැඳවීමට ද නියම කළා.

මේ අතර හෙට (19) දිනයේ දී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවේ අවසාන වාර්තාව නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම නඩුවේ අවසන් දිනය ද වනු ඇති.

මින් ඉදිරියට එම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
17
+1
3
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25