UPDATE:ගුජරාට් ගුවන් අනතුරින් වෛද්‍ය සිසුන් පස්දෙනෙකුත් මරුට

අහමදාබාද් වෙත ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරින් වෛද්‍ය ශිෂ්‍යයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද (12) දහවල් සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පස්වරු 13:38ට මෙම බෝයිං 787-8 දරණ ඩ්‍රීම්ලයිනර් කඩා වැටී ඇත්තේ අහමදාබාද් හි පිහිටි වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයකටයි.

ගුජරාටයේ අහමදාබාද් හි බීජේ වෛද්‍ය විද්‍යාලයට කඩා වැටුණු ගුවන් යානයෙන් උපාධි අපේක්ෂක වෛද්‍ය සිසුන් සිව්දෙනෙකු සහ එක් පශ්චාත් උපාධි ශිෂ්‍යයෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ දී මියගිය වෛද්‍ය සිසුන් දිවා ආහාරය ගනිමින් සිට තිබෙනවා.

මේ අතර මෙම බිහිසුණු අනතුරින් මියගිය ගණන 171ක් දක්වා ඉහළ ගොස් ඇති බවටත් ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් ඉන්දීය රජයේ පාර්ශ්වයෙන් එය නිල වශයෙන් තහවුරු කිරීමක් සිදු කර නැහැ.

මූලාශ්‍රය – NDTV

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?