Update:අධිකරණයට භාර වූ ටීචර් අම්මා ඇතුළු විත්තිකරුවන් පස්දෙනාට ම ඇප (වීඩියෝ)

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසුව, ඇප මත මුදා හරින ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළා.

අද දහවල් 12.00ට පමණ නඩුව ආරම්භ වූ අතර කටාන පොලිසිය සඳහන් කළේ ⁣ප්‍රධාන සැකකරිය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

එහිදි නඩුව ආරම්භ වී විනාඩි 20ක් පමණ ගත වන විට හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය සුදු සාරියකින් සැරසි මුඛ ආවරණයක් පැළඳ අධිකරණයට ඇතුල් වී තිබෙනවා.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා විසින් ඇයගේ හැඳුනුම්පත සමගින් ඇයව අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් ක⁣ළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එහිදී ඇයව විත්තිකූඩුව වෙතට පමුණුවනු ලැබුවා.

එහිදී ජනාධිපති නිතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා ඇය වෙනුවෙන් ඇප ඉල්ලා සිටි අතර ඇගේ සැමියා සහ කළමනාකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇප ඉල්ලා සිටියා.

එහිදී ජනාධිපති නීතිඥවරු කියා සිටියේ මෙම නඩුව විභාග කිරීමට මෙම අධිකරණයට බලයක් නැති බවත් එය සමථ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු නඩුවක් වන බවයි.

එහිදී මෙම සිද්ධියට ආධාර අනුබල දීම සහ සිද්ධිය වීඩියෝගත කර එම සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් ගුරුවරියගේ ආයතනයේ සේවය කරන ඩිලාන්, මලිෂ යන පුද්ගලයන් දෙදෙනකු ද සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එම අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරු දෙදෙනා ඇතුළුව නීතිඥ මණ්ඩලයක් එම සැකකරුවන් පස්දෙනා වෙනුවෙන් දීර්ඝ ව කරුණු දක්වමින් ඇප ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය හයේෂිකා ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

ඒ,අනුව හයේෂිකා ප්‍රනාන්දු, සැමියා වන චානක විශ්වජිත්, කළමනාකරු වන ප්‍රනිත් සුරෙන්ද්‍ර, ඩිලාන් හා මලිෂ යන අයට ඇප නියම වුණා.

විමර්ශන ප්‍රගතිය පිළිබඳව අධිකරණයට දැනුම්දෙන ලෙස පොලිසියට නියෝග කළ අතර සීසීටීවී දර්ශන පොලිසියට ලබා දෙන ලෙස විත්තිකරුවන්ට නියෝග කළා.

නඩුව යළි සැප්තැම්බර් 17 කැඳවිමට නියමිතයි.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, තිනෙත් කොරසගල්ල, කූජන බානේගොඩ,
කින්කිණි විලත්ගමුව, රොෂාන් විජයගාමිණි, නිරෝෂන් සිරිවර්ධන, සම්පත් විතාරණ, චාන්දනි දයාරත්ත ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාර ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.

පැමිණිල්ල කටාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ලාල් මහතා විසින් මෙහෙය වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
5
+1
49
+1
4
+1
4
+1
7
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10