TotalEnergies Marketing India සහ Energy Core Lanka ශ්‍රී ලංකාව තුළ ලිහිසි තෙල් කර්මාන්තයේ නව පරිච්ඡේදයකට මුලපුරයි

උසස් තත්වයේ ලිහිසි තෙල් නිෂ්පාදන ශ්‍රී ලාංකීය වෙළඳපොළට හඳුන්වාදීමේ අරමුණින් TotalEnergies Marketing India Private Limited (TEMIPL) සිය බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා ලෙස පත් වූ Energy Core Lanka (Pvt) Ltd සමාගම සමඟ නව ගමනක ආරම්භය සනිටුහන් කරන ලදී.

මෙමඟින් ලිහිසි තෙල් ආශ්‍රිත නවෝත්පාදන සහ ගෝලීය විශේෂඥතාව තුළින් අදාළ ක්ෂේත්‍රවල මෙහෙයුම් විශිෂ්ටතාවයන් ඉහළ නැංවීමට මනා දායකත්වයක් සපයනු ඇති.

ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන මෙම ලොව පිළිගත් TotalEnergies ලිහිසි තෙල්, රථ වාහන සහ කාර්මික ලිහිසි තෙල් නිෂ්පාදන, අදාළ ක්ෂේත්‍රයන්හි ලොව ප්‍රමුඛ මුල් උපාංග නිෂ්පාදකයන් (OEMs) විසින් නිර්දේශ කර තිබෙනවා.

නව තාක්ෂණයෙන් සහ ගෝලීය හවුල්කාරිත්වයෙන් බලගැන්වෙන TotalEnergies ලිහිසි තෙල් නිෂ්පාදන ඉතා ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වන අතර, විශ්වාසනීයව රථ වාහන එන්ජින් සහ කාර්මික යන්ත්‍ර සුත්‍රවලට ආරක්ෂාවත් ලබා දෙනවා.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් TEMIPL හි රථවාහන ලිහිසි තෙල් අංශයේ ප්‍රධාන විධායක නිලධාරී, විකේන් නජාරියන් මහතා, මෙසේ පැවසීය:
“ශ්‍රී ලංකා වෙළඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, තාක්ෂණයෙන් පිරිපුන් ලිහිසි තෙල් සඳහා දැඩි ඉල්ලුමක් පවති. TotalEnergies සැම විටම නවෝත්පාදනය සහ විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් සඳහා කැපවී සිටී. Energy Core Lanka Pvt Ltd සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය මඟින් අපගේ උසස් ලිහිසි තෙල් විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටත්, කාර්මික පාරිභෝගිකයින්ට සහ වාහන භාවිතා කරන්නන්ට වැඩි කාර්යක්ෂමතාවයක් සහ විශ්වසනීයත්වයක් ලබා දීමටත් අපට හැකි වේ.”

Energy Core Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ, දිමිත්‍රි ෂෙරිෆ් මහතා, මෙසේ අදහස් දැක්වීය:
“රටවල් 130කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන ගෝලීය බලශක්ති කර්මාන්තයේ දැවැන්ත සන්නාමයක් වන TotalEnergies සමඟ හවුල් වීමට ලැබීම අපි ලැබූ ගෞරවයක් බව දැනුම්දීමට කැමතියි. ප්‍රමුඛ පෙළේ රථවාහන, කාර්මික සහ නාවික නිෂ්පාදකයින් විසින් විශ්වාස කරන OEM නිර්දේශ ලත් ලිහිසි තෙල් නිෂ්පාදන සමූහයක් ඇත්තේ ලොව සන්නාම කිහිපයකට පමණි. මෙම හවුල්කාරිත්වය හරහා, ශ්‍රී ලංකාවේ රථවාහන සහ කාර්මික අංශයට එම ගෝලීය ප්‍රමිතියෙන් යුත් ලිහිසි තෙල් ලබා දීම අපගේ අරමුණයි.

TotalEnergies Marketing India Private Limited පිළිබඳව

TotalEnergies Marketing India Private Limited (TEMIPL) 1993 දී ඉන්දියාවේ මෙහෙයුම් ආරම්භ කළ අතර රට තුළ, රථවාහන සහ කාර්මික යෙදුම් සඳහා ලිහිසි තෙල්, ගෘහස්ථ සහ වාණිජ යෙදුම් සඳහා LPG සහ විශේෂ බලශක්ති කර්මාන්තවලට ප්‍රමුඛව දායක වේ. TEMIPL සතුව රට තුළ කාර්මික කම්හල් හතක් සහ Auto LPG බෙදා හැරීමේ මධ්‍යස්ථාන ජාලයක් ඇත. TotalEnergies විසින් HPCL (South Asia LPG Ltd) සමඟ 50:50 හවුල් ව්‍යාපාරයක් හරහා Vizag හි භූගත LPG ගබඩා පහසුකමක් ද, නවීකරණය කරන ලද බිටුමන් සඳහා Indian Oil Total Private Limited සමඟ 50:50 හවුල් ව්‍යාපාරයක් හරහා නවීකරණය කරන ලද බිටුමන් නිෂ්පාදනය සහ අලෙවිකරණය ද සිදු කරයි.

TotalEnergies හි අලෙවිකරණ සහ සේවා අංශය පිළිබඳව

TotalEnergies හි අලෙවිකරණ සහ සේවා ව්‍යාපාරික අංශය එහි වෘත්තීය සහ පෞද්ගලික පාරිභෝගිකයින්ට පුළුල් පරාසයක බලශක්ති නිෂ්පාදන සහ සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ජෛව ඉන්ධන, විද්‍යුත් වාහන සඳහා ආරෝපණ සහ අදාළ සේවාවන්, මාර්ග සහ සමුද්‍ර ප්‍රවාහනය සඳහා ගෑස් පිරිනමනු ලබන්නේ ඔවුන්ගේ ගමනාගමනයට සහාය වීමට සහ කාබන් ප්‍රමාණය අවම කිරීමට උපකාරී වීමටයි. සෑම දිනකම මිලියන 08 කට අධික පාරිභෝගිකයින් පිරිසක් ලොව පුරා ඇති අපගේ සේවා මධ්‍යස්ථාන 14,000 වෙත පැමිණේ. ලිහිසි තෙල් අංශයෙන් ලොව සිව්වන ස්ථානය හිමි සමාගම ලෙස, TotalEnergies රථවාහන, කාර්මික සහ සමුද්‍ර අංශ සඳහා ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් නිෂ්පාදන සැලසුම් කර අලෙවි කරයි. TotalEnergies අලෙවි බලකායන් සහ ජාත්‍යන්තර ලොජිස්ටික් ජාලය ඔස්සේ B2B පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට හොඳම විසඳුම ලබා දේ. රටවල් 107 ක විහිදුනු සේවකයින් 31,000 ක් සමඟ TotalEnergies සියලුම පාරිභෝගිකයින්ට සමීපව කටයුතු කරයි.

TotalEnergies පිළිබඳව

TotalEnergies යනු ලිහිසි තෙල් සහ ජෛව ඉන්ධන, ස්වාභාවික ගෑස් සහ හරිත ගෑස්, පුනර්ජනනීය බලශක්තිය සහ විදුලිය වැනි බලශක්තිය නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ගෝලීය ඒකාබද්ධ බලශක්ති සමාගමකි. අපගේ 100,000 කට අධික සේවකයන් පිරිසක් හරහා විශ්වාසදායක, වඩා දැරිය හැකි සහ වඩා තිරසාර බලශක්තියක් ලබා දීමට කැපවී සිටිති. රටවල් 130 ක පමණ ක්‍රියාකාරී වන TotalEnergies, තිරසාර උපායමාර්ගික ව්‍යාපෘති සහ මෙහෙයුම් විශිෂ්ටත්වයන් හදවතින්ම පවත්වා ගෙන යන ආයතනයකි.

Energy Core Lanka පිළිබඳව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමූහයකට අයත් වූ Energy Core Lanka (Pvt) Ltd සමාගම, ශ්‍රී ලංකාවේ TotalEnergies Lubricants හි බලයලත් බෙදාහරින්නා වේ. TotalEnergies Lubricants දේශීය විශේෂඥතාවය සහ ගෝලීය තත්ත්ව ප්‍රමිතීන්ගෙන් සමන්විත වන අතර ප්‍රංශ ඉංජිනේරු තාක්ෂණය යුතු ලිහිසි තෙල් ඔබ වෙත ලබා දීමට කැප වී සිටී.

විශේෂ සටහන,

මෙම ලේඛනයේ ඇති “TotalEnergies”, “TotalEnergies සමාගම” හෝ “සමාගම” යන යෙදුම් TotalEnergies SE සහ TotalEnergies SE විසින් සෘජුව හෝ වක්‍රව පාලනය කරනු ලබන ඒකාබද්ධ ආයතන නම් කිරීමට භාවිතා කරයි. එසේම, “අපි”, “අපට” සහ “අපගේ” යන වචන ද මෙම ආයතන හෝ ඒවායේ සේවකයින් හැඳින්වීමට භාවිත කළ හැකිය. TotalEnergies SE සෘජුව හෝ වක්‍රව කොටස් හිමිකරගෙන ඇති ආයතන වෙනම නීතිමය ආයතන වේ. මෙම ලේඛනයේ යම් ආර්ථික දත්ත සහ උපකල්පන මත පදනම් වූ ඉදිරි දැක්මක් සහිත තොරතුරු සහ ප්‍රකාශ අඩංගු විය හැකිය. ඒවා තරඟකාරී සහ නියාමන පරිසරයන් තුළ අනාගතයේදී සාවද්‍ය විය හැකි අතර අවදානම් සාධක ගණනාවකට යටත් වේ. TotalEnergies SE හෝ එහි අනුබද්ධ ආයතන කිසිවක් නව තොරතුරු, අනාගත සිදුවීම් හෝ වෙනත් හේතූන් මත මෙම ලේඛනයේ අඩංගු ඉදිරි දැක්මක් සහිත තොරතුරු හෝ ප්‍රකාශ, අරමුණු හෝ ප්‍රවණතා ප්‍රසිද්ධියේ යාවත්කාලීන කිරීමට කිසිදු වගකීමක් භාර නොගනී. TotalEnergies හි මූල්‍ය ප්‍රතිඵල හෝ ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑ හැකි අවදානම් සාධක පිළිබඳ තොරතුරු, ප්‍රංශ සුරැකුම්පත් නියාමක Autorité des Marchés Financiers (AMF) වෙත ගොනු කරන ලද නවතම ලියාපදිංචි කිරීමේ ලේඛනයේ සහ එක්සත් ජනපද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) වෙත ගොනු කරන ලද පෝරම 20-F හි සපයා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?