Indian Premier League

TATA හිටපු සභාපති මාරක අනතුරකින් ජීවිතක්ෂයට

ලොව ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි නුවර බලා ගමන්කරමින් සිටියදී ඔහු ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථය ඊයේ (04) අනතුරට ලක්ව ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

54 හැවිරිදි සයිරස් මිස්ට්‍රි 2016 වසරේ දී ටාටා සභාපති ධුරයෙන් නෙරපා හරින ලද්දේ ඔහුගේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මෙම ප්‍රකෝටිපතියාගේ මරණය ව්‍යාපාරික ලෝකයට “විශාල පාඩුවක්” ලෙස පවසමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සයිරස් මිස්ට්‍රිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?