SVAT ක්‍රමවේදය ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා

සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝව සාකච්ජා කිරීමක් සිදු වී තිබෙනවා.

මෙහිදී දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් SVAT ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) කාරක සභාව දැනුවත් කිරීම සිදු කළ අතර එහිදී පැන නගින ගැටලු නිරවුල්කර ගැනීමද මෙම සාකච්ඡාවේදී සිදු වී ඇති බව වාර්තා වනවා.

මේ පිළිබද සාකච්ඡා කිරීම සිදු වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ VAT ක්‍රමවේදය යටතේ නැවත ගැනීමේ හැකියාව සහිත ගෙවීම් (Refund payments delays) නැවත ගැනීමේදී 100%ක විගණනයක් කරන බවත් මේ නිසා ප්‍රමාදයක් පවතින බවත්ය.

නමුත් ‍මෙම SVAT ක්‍රමවේදය මගින් එම ප්‍රමාදය අවම කරමින් දින 45ක් ඇතුළත කඩිනමින් එම නැවත ගෙවීම් සිදු කළ හැකි වන බවද එම නිලධාරීහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

එසේම මෙම ක්‍රමවේදය මගින් පැවති සංකීර්ණතාවය අවම කිරීම සහ ආදායම වැඩි කරගැනීමද අරමුණු කරන බව නිලධාරීන පවසා සිටියා.

මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ අපනයන කර්මාන්තකරුවන් වඩාත් සෑහීමකට පත් වීම මෙම ක්‍රමවේදය හරහා සිදු විය යුතු බවත්. අවධානම් තත්ත්වයක් හමුවේ කටයුතු කිරීම (risk rating ) සම්බන්ධයෙන්ද පෙන්වා දුන් අතර අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

තවද දින 45 ඇතුළත ගෙවීමක් කිරීමට අපහසු වුවහොත් ඒ වෙනුවෙන් ගෙවීමේදී යම් පොලී අනුපාතයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද කාරක සභාව විසින් පැහැදිලිකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..
00:52
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
00:43
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..හැම තැනම දළඹුවෝ..
02:44
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.03.2026
07:51:30
Video thumbnail
"හුන්ඩු ජනපතිගේ හිතේ තියෙන්නේ හුන්ඩු ගතිය" අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:13
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45