ගම්පහ ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රීඩා උත්සවයක දී පාසල් පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමේ සිසුන්
පොලිස් විශේෂ කාර්ය බලකාය සටන් සඳහා භාවිත කරන කැළෑ නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටින ඡායාරූප සහ වීඩියෝ පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
ආචාර පෙළපාලියට සහභාගී වී සිටි එම සිසුන් අත තිබුණේ ටී 56 ගිනි අවියක්.
නමුත් ශිෂ්‍ය භටයන්ට සරඹ සහ පෙළපාලි සඳහා ලබා දීමට අනුමත කළ ගිණි අවිය වන්නේ පොයින්ට් 2.2 වර්ගයේ පතොරම්වලින් වෙඩි තැබිය හැකි අර්ධ ස්වයංක්‍රීය ගිණි අවියක් පමණයි.
මෙම සිසුන් සඳහා එම නිල ඇඳුම් සකසා ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ රෙදිපිළි සකසන ආයතනයක් විසින්.
මේ වන විට එම රෙදිපිළි ආයතනයේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලීසිය වෙත භාර දී තිබෙනවා.
එවන් තත්තවයක් තුළ පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකය මගින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනවා.
පොලිස් ශිෂ්‍ය භටයන් සම්බන්ධීකරණය කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශවල පත්කර තිබෙන පොලිස් නිලධාරීන් මේ පිළිබඳව දැනුවත්ව සිටිමින් එය වැළැක්වීම සඳහා කටයුතු නොකිරීම සහ අදාල පාසල මගින් මේ සඳහා නිසිඅවසරයක් ලබා නොතිබීමත් පිළිබඳ විමර්ශනය කෙරෙනවා.