Empty Ad
AFC Banner
Empty Ad

STF සහ පාතාලය වෙඩි හුවමාරුවක් දෙදෙනෙක් මරුට

මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගියේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් යක්කලමුල්ල ප්‍රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත.

මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.

විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති මෝදී ළඟ තියාගෙන ජනපති කරපු සුපිරි කතාව
Video thumbnail
හැමෝටම කට උත්තර නැති වූ ගිවිසුම් එළිපිටම ගැහුවේ මෙහෙමයි
05:12
Video thumbnail
අම්මගේ චූටි දෝණි වැඩ වරදී
02:07
Video thumbnail
LIVE🔴ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව සජීවීව
44:45
Video thumbnail
ජනපති අනුර මෝදිට සම්මානයක් දෙයි - මෝදී ඒක පිළිගත්ත හැටි මෙන්න බලන්න
04:37
Video thumbnail
ඈ සමන්තයෝ එදා උඹ මොනාද කිව්වේ - සීලරතන හිමි සැරටම කියපු කතාව
04:42
Video thumbnail
සමන්ට රතු කට්ට පනී - ආණ්ඩුවේ කෙඳිරිල්ලට දෙසයි
17:47
Video thumbnail
අපේ ඇඟවල් හොඳට තැලිලා තියෙන්නේ - නාමල් සැරටම කරපු කතාව මෙන්න
21:34
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:40
Video thumbnail
රනිල් රට කළා නම් මීට වැඩිය හොඳට කරනවා - සරදම් කියන්නේ මේවට තමයි ඉතිං
04:44
<p>?</p>