SF සරත්ට මරණීය දණ්ඩනය හිමිවෙයි

2005 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්. එෆ්. සරත් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කල අතර දෙමටගොඩ චමින්ද ඇතුළු තිදෙනකු නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද (01) මෙම තීන්දුව ලබා දෙනු ලැබූ බවයි.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර තිබූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියම කළා.

2005 වසරේ අගෝස්තු මස පළමු වැනිදා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි සැලූන් එකක් තුළ දී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමැත්තෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත්, සරත් බණ්ඩාර හෙවත් SF සරත්, පුබුදු උස්වත්ත හෙවත් රංග හා සමීර සාරංග හෙවත් සුදු නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
26
+1
3
+1
2
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?