Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වේ – ඉදිකිරීම් කඩිනම් කිරීමට නිලධාරින් 125ක් බඳවා ගැනේ

දිට්වා ආපදා තත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියෙහි මෙතෙක් ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර සොයා බැලීම වෙනුවෙන් Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වුණා.

දිට්වා ආපදා තත්ත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී තාක්ෂණ නිලධාරීන්ගේ හිඟයත්, එකවර දිස්ත්‍රික්ක ගණනාවක භුමි පරික්ෂාවන් සිදුකර වාර්තා ලබාදීමේ දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට මුහුණ දීමට සිදුවන නිලධාරි හිඟයත් දැඩිව බලපා ඇති බවට මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඊට යම් සහයක් වන පරිදි මේ වන විට තාක්ෂණික නිලධාරින් 125ක් බඳවාගෙන ඇති බවත් ඔවුන් ලබන සඳුදා සිට අදාළ ආයතන වෙත යොමු කරන බවත් සඳහන්කෙරුණා.

එමෙන්ම, දිට්වා ආපදාවෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම්, පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීම හෝ නිවාස ආධාර ලබාදීම, දුම්රිය සහ මහාමාර්ග බෝක්කු, පාලම් ප්‍රතිසංස්කරණය මෙන්ම හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරුණා.

අර්ධ හානි සඳහා වන්දි ගෙවීම් සැලකිය යුතු මට්ටමකින් අවසන් වෙමින් පවතින බවද පුර්ණ හානි වූවන්ට නිවාස ලබාදීමේ ක්‍රියාවලියේදී ඇතැම් දිස්ත්‍රික්කවල මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

ඇතැම් දිස්ත්‍රික්කවල නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් ලක්ෂ පනහක මූල්‍ය ආධාර ලබාදීම සහ නිවාස ඉදිකිරීම යම් ඉහළ මට්ටමක පැවතුණත් මාතලේ, පුත්තලම, කෑගල්ල, බදුල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්ක කිහිපයක එම ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.

එමෙන්ම මහා මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීම් වේගවත් කිරිමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු අතර, මහාමාර්ග, පාලම් ඉදිකිරිම් සඳහා චීනය හා ඉන්දියාව ආධාර ලබාදීමට එකඟතාව පළ කර ඇති බවත්, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරිමට නියමිතව ඇති බවත් සඳහන් වුණා.

රටෙන් තුනෙන් දෙකක් පමණ වන භූමි ප්‍රදේශයකට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක මාර්ග රැසක් එකවර සංවර්ධනය කිරීමට සිදුවීමත් ඒ සියල්ල වෙනත් සංවර්ධන කටයුතු සමගම ක්‍රියාත්මක වීමේ අභියෝගය සහ එහිදී මතුව ඇති ගැටළු විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

යුනිසෙෆ් ආයතනය විසින් ආපදාවට පත් ප්‍රදේශවල කරන ලද සමීක්ෂණයකට අනුව මේ වන විට එම ප්‍රදේශවල පාසල් යන වයසේ පසුවන සියලුම දරුවන් පාසල් යාම ආරම්භ කර ඇති බවද එය සාමාන්‍ය පරිදි සිදුවන බවට එම ආයතනය තොරතුරු වාර්තා කර ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

නිවාස ඉදිකිරිම් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා තවදුරටත් රජයෙන් කළ යුතු මැදිහත් වීම් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවා ඔවුන් මුහුණ පාන ගැටලු සාකච්ඡා කිරිම පිළිබඳවද අවධානය යොමු වුණා.

එසේම, තවදුරටත් අවශ්‍ය සොයා බැලීම් කිරීමේ වගකීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු වෙත මෙහිදී පැවරුණා.

කාර්ය සාධක බලකාය නියෝජනය කරන සිවිල් සංවිධානවල නියෝජිතයන් සෘජුවම මහජනතාව සමග සම්බන්ධ වන බැවින් ඔවුන් වඩාත් සක්‍රීයව මෙම වැඩපිළිවෙළ සමග සම්බන්ධ කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30