බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් හිවිත සහ දේපල හානි බොහොමයක් සිදු වීමත් සමඟ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අකර්මණ්‍ය වූ අතර, කෘෂිකර්මාන්තය මෙන්ම ධීවර කර්මාන්තය ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ගණනාවක් එමඟින් බලපෑමට ලක් වුණා.
මේ නිසාවෙන් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශය පත් කර ඇති අතර, විපතට පත් බොහෝ ජනතාව තාවකාලික රැඳවුම් කඳවුරුවල රඳවා තිබෙනවා.
එමෙන්ම ඇති වූ අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජල සැපයුම, විදුලිය හා සන්නිවේදනය වැනි සේවා ද අඩපණව පවතිනවා.
කෙසේ වෙතත් රජය විසින් අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා මෙන්ම හදිසි ආපදා සහන සඳහා දැනටමත් රුපියල් බිලියන 3ක් වෙන් කර ඇතත්, රට පුරා සිදු වූ නිවාස, යටිතල පහසුකම්, කෘෂි වගා බිම්, ධීවර කර්මාන්තය හා අත්‍යවශ්‍ය සේවාවන්ට සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම මුදල ප්‍රමාණවත් නොවන බැවින්, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ව්‍යවස්ථාපික අරමුදලක් ලෙස “Rebuilding Sri Lanka අරමුදල’ නමින් අරමුදලක් ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා වෙන් වූ බැංකු ගිණුමක් හරහා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයන් ලබා ගැනීමටත්, දැනටමත් මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම වෙත ලැබී ඇති දායකත්වයන් යෝජිත අරමුදලේ මුලික ප්‍රාග්ධනය වශයෙන් ලබා ගෙන ආපදාවට ලක් වී ඇති ජනතාවගේ ජීවිත සහ ජීවනෝපායන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පරිපූර්ණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



