QR ක්‍රමය ගෙනා හේතුව බලශක්ති ඇමති හෙලි කරයි

ජාතික ඉන්නධ බලපත්‍ර (QR) ක්‍රමවේදය හඳුන්වා දුන්නේ දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

විදේශ විනිමය හිගතාවය මත ඉදිරි වසරක කාලය තුල ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවද හෙතෙම කියා සිටී.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිම දිනෙක සෑම ඉන්ධන පිරවුම්හල කටම දෛනිකව ඉන්න බෙදා හැර නොමැති බවද පවසන අමාත්‍යවරයා අසීමිතව ඉන්ධන තිබියදී පවා එය ප්‍රායෝගික කළ නොහැකි දෙයක් බව ද එහි සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?