‘Made in Sri lanka’ පළමු ගෑස් උඳුන වෙළඳපොළට…

මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උඳුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.

ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි සහ එහි නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න යන මහත්වරුන් සිය නව නිෂ්පාදන සාම්පල රැගෙන 73/1, ගාලු පාර, කොළඹ 03 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා පවසා සිටියේ මෙම නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කර, කඩිනමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ය.

අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂමන් විතානච්චි මහතා,

“කර්මාන්තකරුවාට නිරන්තයෙන් අතදෙන අමාත්‍යවරයෙකු ලෙස විමල් වීරවංශ මැතිතුමා අප හඳුනාගෙන සිටිනවා. ඒ නිසයි අපගේ නව නිෂ්පාදනයේ සාම්පලය ද සමගින් අද එතුමන් හමුවූයේ. මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් සොයා බැලූ ඇමතිතුමා අපගේ නිෂ්පාදනය ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරනු ලැබුවා.

අප මුලින්ම සිදු කළේ ගෑස් උඳුන් මෙරටට ගෙන්වා අලෙවි කිරීමයි. පසුව උපාංග පිටරටින් ගෙන්වා එකලස් කර වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තා. ආනයනික සීමා පැනවීමත් සමගම උපාංග ලබා ගැනීමේ දුෂ්කරතා පැන නැගුණා. අප එම තත්වය හමුවේ ගෑස් උඳුන්උපාංග අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පළමුව නිපදවනු ලැබුවා. පසුව ඒවා යොදාගෙන අවශ්‍ය උපාංග නිපදවීමට පියවර ගත්තා. අද වන විට ගෑස් උඳුන් බර්නරය ද අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට කටයුතු කරමින් සිටිනවා. දැනට පිටතින් ලබා ගැනීමට සිදුව ඇත්තේ ‘ලයිටරය’ පමණයි.

මේ සියලු උපාංග නිෂ්පාදනය අපගේ නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න මහතාගේ මග පෙන්වීම මතයි සිදුවූයේ. හෙට දිනයේ දී ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ මේ රටේ පාරිභෝගික ජනතාවට ආනයනික ගෑස් උඳුන් හා සම තත්වයේ ගුණාත්මක බවින් යුත් ගෑස් උඳුන් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙන් පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?