LPL ශුරතාවය පිට පිට දෙවන වරටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් කුසලානය පිට පිට දෙවන වතාවට ජයග්‍රහණය කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුවා. ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහ තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත් වූ අතර ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කරනු ලැබුවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස්කර ගැනීමට සමත් වුවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කළ අතර ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී ලකුණු 57ක් රැස් කරනු ලැබුවා.

පන්දු යැවිමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර්, නුවන් තුෂාර සහ සමිත් පටෙල් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සම්ත්වුවා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි වී ඇති ඉලක්කය ලකුණු 202ක්.

ලකුණු 202 ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 178ක් පමණයි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් රැස් කර ගැනීමට සමත් වුවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ චතුරංග ද සිල්වා ලකුණු 15කට කඩුලු 2ක් සහ වනිදු හසරංග ලකුණු 30 ට කඩුලු 2ක් රැස් කිරීමට සම්ත්වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?