LPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

update

ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයෙක් වන මෝවිස් සුබසිංහ ඇමරිකානු ඩොලර් 10,000කට කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

————————–

update

ලසිත් කෲස්පුල්ලේ LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඇමරිකානු ඩොලර් 20,000කට ගෝල් ටයිටන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

එමෙන්ම කලම්බෝ ස්ට්‍රයිකස් පිළ විසින් නිපුන් ධනංජය මිලදී ගනු ලැබුවේ ඩොලර් 5000ක මුදලකටයි.

—————————

update

නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ඉශ් ශෝදී වෙන්දේසිය සද ඉදිරිපත් වූවත් ඔහුද මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වුණේ නැහැ.

එමෙන්ම නවසීලන්ත දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වැප්නර් ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කළත් ඔහුද මිලදී ගත්තේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඩොලර් 30,000ක්.

ශ්‍රී ලංකා ක්‍රීඩක සහන් ආරච්චිගේ ඇමරිකා ඩොලර් 28,000ක මුදලකට මිලදී ගනු ලැබුවේ බී ලව් කණ්ඩායම විසින්.

—————————————–

update

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට වෙන්දේසියේ දී හිමිවූ මූලික මුදල වූ ඩොලර් 40,000ක මුදලකට මිලදී ගත්තේ ගෝල් ටයිටන්ස් පිළ විසින්.

පාකිස්ථානය ක්‍රීඩක වහබ් රියාස් කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000ක්.

දකුණු අප්‍රිකාවනු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්‍ රාන් තාහීර් වෙන්දේසියේ දී අලෙවි වූයේ නැහැ.

——————————

update

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් බැරන්ඩොෆ් ඩොලර් 50,000කට වෙන්දේසිය සදහා ඉදිරිපත් කළත් ඔහුව කිසිම කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

—————————-

update

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඩොලර් 70,000ක මුදලකට මිලදී ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම කටයුතු කළා. දුෂ්මන්තට හිමිවූ මූලික වෙන්දේසි මුදල ඩොලර් 50,000ක්.

———————————-

update

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩෲ ටයි වෙන්දේසිය සදහා ඉදිරිපත් කළත් ඔහුව මූලික වටයේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

——————————–

update

පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් හසන් ඩොලර් 34,000ක මිලකට බී ලව් කැන්ඩි පිළ විසින් මිලදි ගනු ලැබුවා.

———————————-

update

කුසල් පෙරේරා LPL වෙන්දේසිය සඳහා ඩොලර් 40,000ක මූලික මුදලකට ඉදිරිපත් කළ අතර ඔහුව දඹුල්ල ඕරා පිළ විසින් එම මුදලටම මිලදී ගනු ලැබුවා.

————————————

LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ශැන්ග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.

පළමුවරට පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඒ අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 204 දෙනෙකු සිටින අතර විදෙස් ක්‍රීඩකයින් 156 දෙනෙකු වනවා.

වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාව සඳහා හිටපු පාකිස්ථාන සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම්, ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිසර පෙරේරා ද එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා වෙන්දේසියේ දී අලෙවි වූ පළමු ක්‍රීඩකයා ලෙස ඇමරිකා ඩොලර් 76,000ක මිලකට දඹුල්ල ඕරා කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක ඩොලර් 80,000ක මුදලකට මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළ අතර ඔහුට ක්‍රීඩක වෙන්දේසියේ දී තැබූ මුලික ලන්සුව ඇමරිකානු ඩොලර් 4,0000 ක්.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක LPL ක්‍රීඩක වෙන්දේසියේ දී කලම්බෝ ස්ට්‍ර්යික්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ඔහු වෙන්දේසියේ ඩොලර් 40,000ක මුදලකටයි මිලදී ගත්තේ.

දඟ පන්දු ‍යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩක වෙන්දේසියේ දී ඇමරිකා ඩොලර් 15,000ක මිලක් ගෙවමින් මිලදී ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම කටයුතු කළා.

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක කාර්ලෝස් බ්‍රාත්වේයිට් වෙන්දේසිය සදහා ඩොලර් 50,000ක මූලික ලන්සුවකට ඉදිරිපත් කළ අතර මූලික වටයේදී ඔහුව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් කටයුතු කළේ නැහැ.

එමෙන්ම සිම්බාබ්වේ ක්‍රීඩක ශිකන්දර් රාසා ද එම මූලික මුදලට වෙන්දේසියට ඉදිරිපත් කළත් ඔහු ද කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගෙන නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන බී ලව් කැන්ඩි පිළ විසින් මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් 40,000ක මුදලකටයි.

යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ඇමරිකානු ඩොලර් 56,000ක මිලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළා.

දුනිත්ට මෙවර වෙන්දේසියේ හිමිව තිබූ මූලික ලන්සු මුදල ඩොලර් 30,000ක්.

පාකිස්ථාන සුපිරි ක්‍රීඩක ශොයිබ් මලික් ඩොලර් 50,000ක මිලකට ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණා.

ඔහුව එම මිලටම මිලදී ගැනීමටයි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළේ.

ඒ අනුව මෙවර LPL ක්‍රීඩක වෙන්දේසියේ අලෙවි වූ පළමු විදෙස් ක්‍රීඩකයා වන්නේ ශොයිබ් මලික්.

බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන මුශ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් වෙන්දේසිය සදහා ඉදිරිපත් කළත් ඔවුන්ව මූලික වටයේ දී මිලදී ගන්නට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් ඩොලර් 72,000ක මිලකට බීලව් කැන්ඩි කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ඩොලර් 40,000ක මූලික ලංසු මුදලක් චන්දිමාල් හට හිමිවුණා.

නිරෝශන් දික්වැල්ල කලම්බෝ ස්ට්‍රයිකස් පිළ විසින් ඩොලර් 44,000කට මිලදී ගත්තා.

පාකිස්ථාන ක්‍රීඩක අසම් ඛාන් ඩොලර් 5,0000කට වෙන්දේසියට ඉදිරිපත් වූ අතර ඔහු මූලික වටයේදී කිසිදු කණ්ඩායම විසින් මිලදී ගත්තේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
5
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34