LPL ඉතිහාසය අලුත් කළ පැතුම් – කැන්ඩිවරුන්ට දැවැන්ත ඉලක්කයකුත්

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරගවල දී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව රැස් කරන්නට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ පැතුම් නිස්සංක අද (09) සමත් වුණා.

ඒ මේ වනවිට දඹුල්ල ක්‍රීඩාංගණයේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී විශිෂ්ට සහ වේගවත් ශතකයක් ලබා ගනිමින්.

පැතුම් දැවී යන විට ඔහු පන්දු 59කට ලකුණු 119ක් ලබා සිටියා.

ඊට දැවැන්ත හයේ පහර 04ක් සහ අලංකාර හතරේ පහර 16ක් ද ඇතුළත්.

පැතුම් දැවී යන විට ජැෆ්නා ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 202ක් ලෙසින්.

දසුන් ශානක යොමු කළ පන්දුවකට හයේ පහරක් එල්ල කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී, කමිඳු මෙන්ඩිස් විසින් එම පන්දුව රැක ගැනීමත් සමග පැතුම් දැවී ගියා.

ඒ අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී දැවැන්ත ලකුණු 224ක් නිර්මාණය කිරීමට සමත් වුණා.

Rilee Rossouw ලකුණු 46ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ද රැස් කරගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

එමෙන්ම ලංකා ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට ද මීට පෙර හිමිකම් කියා ඇත්තේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමයි.

ඒ 2022 වසරේ කඩුලු 04කට ලකුණු 240ක් ලබා ගනිමින් වීම ද විශේෂත්වයක්.

තරගය ජය ගැනීමට නම් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට පන්දු 120ක දී ලකුණු 225ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
3
+1
21
+1
5
+1
0
+1
6
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07