LPL ඉතිහාසය අලුත් කළ පැතුම් – කැන්ඩිවරුන්ට දැවැන්ත ඉලක්කයකුත්

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරගවල දී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව රැස් කරන්නට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ පැතුම් නිස්සංක අද (09) සමත් වුණා.

ඒ මේ වනවිට දඹුල්ල ක්‍රීඩාංගණයේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී විශිෂ්ට සහ වේගවත් ශතකයක් ලබා ගනිමින්.

පැතුම් දැවී යන විට ඔහු පන්දු 59කට ලකුණු 119ක් ලබා සිටියා.

ඊට දැවැන්ත හයේ පහර 04ක් සහ අලංකාර හතරේ පහර 16ක් ද ඇතුළත්.

පැතුම් දැවී යන විට ජැෆ්නා ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 202ක් ලෙසින්.

දසුන් ශානක යොමු කළ පන්දුවකට හයේ පහරක් එල්ල කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී, කමිඳු මෙන්ඩිස් විසින් එම පන්දුව රැක ගැනීමත් සමග පැතුම් දැවී ගියා.

ඒ අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී දැවැන්ත ලකුණු 224ක් නිර්මාණය කිරීමට සමත් වුණා.

Rilee Rossouw ලකුණු 46ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ද රැස් කරගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

එමෙන්ම ලංකා ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට ද මීට පෙර හිමිකම් කියා ඇත්තේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමයි.

ඒ 2022 වසරේ කඩුලු 04කට ලකුණු 240ක් ලබා ගනිමින් වීම ද විශේෂත්වයක්.

තරගය ජය ගැනීමට නම් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට පන්දු 120ක දී ලකුණු 225ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
3
+1
21
+1
5
+1
0
+1
6
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?