IPL වෙන්දේසිය ඇරඹේ – කැමරන් ග්‍රීන් ඉහළ මිලකට කොල්කටාවෙන් ගනී

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙවර වෙන්දේසිය පැවැත්වෙන්නේ අබුඩාබි හිදී යි.

2026 අයි.පී.එල් වෙන්දේසියේ අලෙවි වූ පළමු ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු පිතිකරු ඩේවිඩ් මිලර් පත් වුණා.

ඉන්දීය රුපියල් කෝටි දෙකක් වැයකරමින් ඔහුව මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කටයුතු කළා.

මේ අතර ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන්ව මිල දී ගැනීමට කණ්ඩායම තියුණු ලංසු තැබීමකින් පසු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් කැමරන් ග්‍රීන්ව මිල දී ගත්තේ ඉන්දීය රුපියක් කෝටි 25.2ක වාර්තා ගත මුදලක් වැය කරමින්.

ඔහුගේ මූලික ලංසු මුදල ඉන්දීය රුපියල් කෝටි දෙකක් වූ අතර, ඔහුව මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවතියේ තියුණු සටනක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
4
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?