Empty Ad
Empty Ad
AFC Banner

IPL ක්‍රීඩක වෙන්දේසිය අවසන් – තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් එළිදැක්වෙයි (ඡායාරූප)

2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ (IPL) ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (25) අවසන් කෙරුණා.

ඒ අනුව එළඹෙන වසරේ දී IPL තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන අතර ඊට විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සහ ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම් තරග වදිනු ඇති.

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එක් කර තිබෙනවා.

ඊට ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් ගණන 07ක්.

විදෙස් ක්‍රීඩකයින් ලෙස ඇඩම් සම්පා, බ්‍රයිඩන් කාර්ස්, එෂාන් මාලිංග, හෙන්රිච් ක්ලාසන්, කමිඳු මෙන්ඩිස්, පැට් කමින්ස් සහ ට්‍රවිස් හෙඩ් එක් ව සිටිනවා.

සෙසු ක්‍රීඩකයින් 13 දෙනා ම ඉන්දීය ක්‍රීඩකයින්.

රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට ක්‍රීඩකයින් 22 දෙදෙනකු එක් කරගෙන ඇති අතර ඊට එක් ව ඇති විදෙස් ක්‍රීඩකයින් ගණන 08ක්.

ජැකොබ් බෙතෙල්, ජෝෂ් හේසල්වුඩ්, ලියැම් ලිවින්ග්ස්ටෝන්, ලුන්ගිසානි නිගිඩි, නුවන් තුෂාර, පිල් සෝල්ට්, රොමාරියෝ ශෙපර්ඩ් සහ ටිම් ඩේවිඩ් මේ අතර වනවා.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට IPL ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් 25 දෙනෙකු එක් කරගෙන සිටින්නේ විදෙස් ක්‍රීඩකයින් 08 දෙනෙකු ඊට පුරවා ගනිමින්.

ආරෝන් හාඩයි, අෂ්මතුල්ලා ඔමර්සායි, ග්ලේන් මැක්ස්වෙල්, ජොෂ් ඉන්ග්ලිස්, ලොකී ෆර්ගසන්, මාර්කෝ ජැන්සෙන්, මාර්කස් ස්ටොයිනිස් සහ ශේවියර් බාර්ට්ලෙට් මේ අතර වන විදෙස් ක්‍රීඩකයින්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ද ක්‍රීඩකයින් 20 දෙනෙකු එක් කරගෙන සිටින්නේ ෆසල්හක් ෆරූකි, ජොෆ්‍රා ආර්චර්, ක්වෙනා මෆකා, මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, ශිම්‍රන් හෙට්මයර් මේ අතර වන විදෙස් ක්‍රීඩකයින්.

ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමට ඒයිඩ්න් මක්‍රම්, ඩේවිඩ් මිලර්, නිකොලස් පුරාන්, මිචෙල් මාර්ෂ්, මැතිව් බ්‍රීට්ස්කි, ශමර් ජෝෂප් විදෙස් ක්‍රීඩකයින්ගේ දායකත්වය ලබාදෙනු ඇති.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට 21 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩකයින් එක්ව සිටිනවා.

මොඑන් අලි, ඇන්ඩෘ රසල්, එන්රිච් නෝර්ට්ජේ, රොව්මන් පවල්, ස්පෙන්සර් ජොන්සන්, සුනිල් නරායන්, ක්වයින්ටන් ඩි කොක්, ගුර්බාස් මේ අතර වන විදෙස් ක්‍රීඩකයින්.

ගෙරල් කොට්සේ, ග්ලෙන් පිලිප්ස්, ජොෂ් බට්ලර්, කගිසො රබඩා, කරිම් ජනට්, රෂීඩ් ඛාන්, ශෙර්ෆේන් රදර්ෆඩ් විදෙස් ක්‍රීඩකයින් ලෙස ගුජරාට් ටයිටන්ස් පිල නියෝජනය කරනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩකයින් 23 දෙනෙකු එක් ව තිබෙනවා.

ඒ අතර ඩොනොවෑන් ෆෙරෙයිරා, දුෂ්මන්ත චමීර, ප්ලෙසිස්, හැරී බෘක්, මිචෙල් ස්ටාක්, ෆ්‍රසර් මැක්ගර්ක් සහ ට්‍රිස්ටෑන් ස්ටබ්ස් වනු ඇති.

ඩෙවොන් කොන්වේ, ජැමී ඕවර්ටන්, මතීෂ පතිරණ, නෙතන් එලිස්, නූර් අහමඩ්, රචින් රවීන්ද්‍ර සහ සෑම් කරන් මෙවර චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයින් වනවා.

IPL තරගාවලියට එක් වන සියලුම කණ්ඩායම්වල සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව පහතින්.

KKR
PBKS
DC
LSG
RR
CRS
RCB
MI
GT
CSK
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?