IPL ඉතිහාසය වෙනස් කරමින් දෝණි ප්‍රමුඛ චෙන්නායි සුපිරි රජවරු අවසන් මහා තරගයට

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වන්නට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඊයේ (23) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිවහන බදු වූ චෙන්නයි නුවර එම්.ඒ චිතම්බරන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ගුජරාට් පිළේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව චෙන්නායි පිතිකරුවන්ට හිමි වුණා.

එහිදී චෙන්නායි ඉනිම වෙනුවෙන් රුතුරාජ් ජයික්වාඩ් 60ක් සහ ඩෙවෝන් කොන්වේ ලකුණු 40ක් රැස්කරමින් ආරම්භ පිතිකරණ යුගලයේ භූමිකාව මැනවින් ඉටු කළා.

අජින්කයා රෙහානි සහ අම්බති රයිදු ලකුණු 17 බැගින් රැකළ අතර, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22ක් රැස්කරමින් චෙන්නායි ඉනිමට පිත්තෙන් දායකත්වය ලබා දුන්නා.
පන්දු යැවීමේදී මෝහිත් ශර්මා සහ මොහොමඩ් ශමී අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ඒ,අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ චෙන්නයි ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 07කට ලකුණු 172ක් ලෙසයි.
ප්‍රබල පිතිකරණ ලැයිස්තුවකින් සමන්විත ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 173ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාව හඹා යෑමට පිටියට පිවිසියා.

එහිදී ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබදතාව ඉතා ඉක්මනින්ම බිද දමන්නට සමත් වුණේ ව්‍රීදීමන් සහා ලකුණු 12ක් ලබාගෙන සිටියදී දවා ගැනීමට දීපක් චාහර්ට හැකියාව ලැබීමත් සමගයි.

අනතුරුව ගුජරාට් ඉනිම තරමක් ස්ථාවර තැනකට රැගෙන යන්නට නායක හර්දික් පාන්ඩ්‍යා සහ ශුබ්මන් ගිල් කටයුතු කළ අතර, පාන්ඩ්‍යාගේ දැවී යමෙන් පසු පිටියට පිවිසි දසුන් ශානක ලකුණු 17ක් රැස් කළා.

කෙසේ වෙත්ත දසුන්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි අනෙක් කිසිදු පිතිකරුවෙකුට ශුබ්මන් ගිල් සමග එක්ව සාර්ථක සබදතාවක් ගොඩනගන්නට හැකියාව ලැබුනේ නෑ.

ගුජරාටි ඉනිමේ තීරණාත්මක කඩුල්ල වූ ගුබ්මන් ගිල්ගේ කඩුල්ල ලකුණු 42ක් ලබාගෙන සිටිය දී දවා ගන්නට යළි ක්‍රියාත්මක වූ චාහර් සමත් වුණා.

අවසන් මොහොතේ ගුජරාටි පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමට තනිව සටනක නිරත වූ රෂ්ඩ් ඛාන් පන්දු 16ක් තුළ වේගව්ත් ලකුණු 30ක් රැස්කළා.

මේ අතර රවීන්ද්‍ර ජඩේජා සහ මහීෂ් තීක්ෂණ ගුජරාටි ඉනිමේ කඩුලු 04ක් බිද දැමූ අතර, තීක්ෂණ සිය පන්දුවාර 04 අවසන් කළේ ලකුණු 28කට කඩුලු 02ක් බිද දමමින්.

චෙන්නායි පන්දු යවන්නක් අතරින් තරමක ප්‍රහාරකට ලක් වූ පන්දු යවන්නා බවට පත් වුණේ තුෂාර් දේශාපාන්ඩේ පමණයි.

වෙනදා මෙන් තම වගකීම නිසි ආකරයෙන්ම ඉටුකළ ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ගුජරාට් ඉනිමේ තීරණාත්මක කඩුලු 02ක් බිද දැමුවේ එම ඉනිමේ අවසන් කඩුල්ල ද තමන් සතුකර ගනිමින්.

මේ අතර මෙම තරගයේ දී මතීෂ අතින් වයිඩ් පන්දු 07ක් යොමුවීමද වීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් අවසානයේ පන්දු වාර 20 තුළ සියල්ලන් දැවී ලකුණු 157කට ගුජරාට් ටයිටන්ස් පිළ සීමාකරන්නටන චෙන්නායි පන්දු යවනන්ට හැකියාව ලැබුණා.

ඒ අනුව අයි.පී.එල්. තරග ඉතිහාසයේ අවස්ථා 10කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම බවට චෙන්නායි කණ්ඩායම පත්වෙමින් මෙවර තරගාවලියේ ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

අයි.අයි.පී.එල්. ඉතිහාසයේ එවැනි දස්කමක් දැක්වූ පළමු කණ්ඩායම බවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉතිහාසයට එක් වුණා.

මේ අතර මෙවර තරගාවලියේ ප්ලේඕෆ් වටයේ දී වෙනස්ම ආකාරයේ සමාජ සත්කාරයක් සිදුකරන්නට ඉනිදීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ප්ලේඕෆ් වටයේ යවන සෑම නිලකුණු පන්දුවකටම පැල 500ක් රෝපණය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක
මණ්ඩලය කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
4
+1
2
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57