IPL යළිත් 17 වනදා සිට – සංශෝධනය කළ කාලසටහන නිකුත් වෙයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමා ආතතීන් හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ අයි.පී.එල් තරගාවලිය මැයි 17 වන දින නැවත ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (12) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව ජුනි 03 වනදා දක්වා තරගවලිය පැවැත්වීමට කටයුතු කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මැයි 09 වන දින තාවකාලිකව අත්හිටුවන ලද තරඟාවලියේ ඉතිරි තරඟ, බැංගලෝර්, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් යන ස්ථාන හයකදී පැවැත් වීමටයි මේ වනවිට සැලසුම්කර ඇත්තේ.

මැයි 17 වනදා සිට ජුනි 03 වනදා දක්වා කාලය තුල දී තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළු තරග 17ක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

මේ අතර තරගාවලිය තාවකාලිකව නවතා දැමීමට පෙර මැයි 08 වන දින ධර්මශාලා හිදී පළමු ඉනිමේ මැද භාගයේදී නතර කරන ලද පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් තරගය නැවතත් මැයි 24 වන දින ජායිපූර් හිදී පැවැත්වෙන බව ද දැනුම් දී තිබෙනවා.

සංශෝධනය කළ තරග කාලසටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?