IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඊයේ (23) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අදාළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතය.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් මිල එම සංශෝධනයට ඇතුළත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක්  රුපියල් 77කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 450ක් ලෙසය.  

ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 111කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 400ක් වේ.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 116කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 445ක් ලෙස දැක්වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14