Info – NDRSC එළිදක්වයි

ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පවුල් හා හානියට පත්වන දේපළ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීම හා නිකුත් කිරීමේ වර්තමාන සාමාන්‍ය ක්‍රියාවලිය ඩිජිටල් පරිවර්තනයකට ලක් කරමින් info – NDRSC ආපදා ආශ්‍රිත දත්ත පද්ධතිය ඊයේ (24) වන දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නිල වශයෙන් එළි දක්වනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; මෙම පද්ධතිය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික සංඛ්‍යා ලේඛන සංවර්ධන වැඩසටහනට සමගාමීව දත්ත හා තොරුතුරු ප්‍රමිතිකරණ ක්‍රමවේදයන්ට හා සත්‍යාපන ක්‍රමවේදයන්ට අනුව සකසා ඇති අතර, එමගින් දත්ත ඇතුළත් කිරීම සියලුම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිදු කිරීමට පහසුකම් සලසා ඇති බවයි.

ස්වාභාවික ආපදා පිළීබඳ දැනුවත් බව ලබා දීමටත්, ආපදා හා ආපදා සහන සේවා පිළිබඳ තොරතුරු වාර්තාකරණයටත්, ත්‍රෛමාසික නිල පුවත් සඟරාවක් ද info-NDRSC නමින් එළි දැක්වීම ද, මෙයට සමගාමීව සිදු කරන ලද අතර, මෙම info-NDRSC දත්ත පද්ධතිය සංවර්ධනය සඳහා මූල්‍ය අනුග්‍රහය “Save the Children” ආයතනය ද තාක්‍ෂණික සහාය “GIS Solutions (Pvt) Ltd” ආයතනය මගින් ද සැපයෙනු ඇති.

Clean Sri Lanka ජාතික වැඩසටහනට හා රජය ජනතාවට සපයන සේවා ඩිජිටල්කරණය කිරීමේ තවත් එක් පියවරක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහා සකස් කරන ලද නව දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්, ප්‍රධාන මූල්‍ය නිලධාරී, අධ්‍යක්‍ෂක ජනරාල් (සැලසුම්), ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේතුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත ආපදා සහන සේවා නිලධාරීන් 485 දෙනෙකු මාර්ගත ක්‍රමය ඔස්සේ ද, සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?