Info – NDRSC එළිදක්වයි

ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පවුල් හා හානියට පත්වන දේපළ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීම හා නිකුත් කිරීමේ වර්තමාන සාමාන්‍ය ක්‍රියාවලිය ඩිජිටල් පරිවර්තනයකට ලක් කරමින් info – NDRSC ආපදා ආශ්‍රිත දත්ත පද්ධතිය ඊයේ (24) වන දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නිල වශයෙන් එළි දක්වනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; මෙම පද්ධතිය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික සංඛ්‍යා ලේඛන සංවර්ධන වැඩසටහනට සමගාමීව දත්ත හා තොරුතුරු ප්‍රමිතිකරණ ක්‍රමවේදයන්ට හා සත්‍යාපන ක්‍රමවේදයන්ට අනුව සකසා ඇති අතර, එමගින් දත්ත ඇතුළත් කිරීම සියලුම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිදු කිරීමට පහසුකම් සලසා ඇති බවයි.

ස්වාභාවික ආපදා පිළීබඳ දැනුවත් බව ලබා දීමටත්, ආපදා හා ආපදා සහන සේවා පිළිබඳ තොරතුරු වාර්තාකරණයටත්, ත්‍රෛමාසික නිල පුවත් සඟරාවක් ද info-NDRSC නමින් එළි දැක්වීම ද, මෙයට සමගාමීව සිදු කරන ලද අතර, මෙම info-NDRSC දත්ත පද්ධතිය සංවර්ධනය සඳහා මූල්‍ය අනුග්‍රහය “Save the Children” ආයතනය ද තාක්‍ෂණික සහාය “GIS Solutions (Pvt) Ltd” ආයතනය මගින් ද සැපයෙනු ඇති.

Clean Sri Lanka ජාතික වැඩසටහනට හා රජය ජනතාවට සපයන සේවා ඩිජිටල්කරණය කිරීමේ තවත් එක් පියවරක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහා සකස් කරන ලද නව දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්, ප්‍රධාන මූල්‍ය නිලධාරී, අධ්‍යක්‍ෂක ජනරාල් (සැලසුම්), ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේතුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත ආපදා සහන සේවා නිලධාරීන් 485 දෙනෙකු මාර්ගත ක්‍රමය ඔස්සේ ද, සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45