IMF සමග සාකච්ඡා සාර්ථකයි, පළමු ණය වාරිකය නුදුරේදීම – මුදල් රාජ්‍ය ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවත්වෙන සාකච්ඡා සාර්ථක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව පළමු ණය වාරිකය නුදුරේදීම ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර විශේෂ සාකච්ඡාවක් අද මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා.

මූල්‍ය අරමුදලේ ඉන්දියාව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා ඇතුලු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සාර්ථක බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමේ මුල් වාරිකය නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.

මෙම සාකච්ඡාවේදී රාජ්‍ය ආදායම සහ ජනතාව මුහුණදී සිටින අසීරුතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ණය වාරික ලබා ගැනීම සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු පිළිබඳ සාර්ථක සාකච්ඡාවක් මෙහිදී සිදුවුණා.

එහි ප්‍රතිඵල මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය විපුල වික්‍රමආරච්චි ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන සඳහා ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම සම්පූර්ණකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සුබ්‍රමනියන් මහතා පවසනවා.

ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ දුෂ්කර අවස්ථාවන් හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකේය නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කළ යුතු බවයි ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ ආචාර්ය සුබ්‍රමනියන් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණකර ඇති අතර ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාළ ක්‍රියාවලිය අවසන් වනු ඇති බවයි.

2018 සිට 2021 දක්වා ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස කටයුතු කළේ ආචාර්ය සුබ්‍රමනියන් මහතායි.

“අපි ඔබ වෙනුවෙන් සෘජුව ඉදිරියට ක්‍රීඩා කරන අතර අවශ්‍ය විටෙක, අපි කවර් ඩ්‍රයිව් ද ක්‍රීඩා කරනනෙමු යනුවෙනුයි ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිත වාග් මාලාවෙන් ඒ මහතා මෙහිදී සඳහන් කළේ.

රට මුහුණ දී ඇති පෙර නොවූ විරූ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා දේශීය ඉල්ලුමට සරිලන පරිදි සහ අපනයනය වෙනුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී IMF නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නොවන ආනයන අඩු කිරීමට සහ අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම සමාජයේ දුප්පත්ම කොටස් සඳහා සුබසාධනයේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සැලසුම් සකස් කිරීමේදී ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආරක්‍ෂිත දැලක් අත්‍යවශ්‍ය වන බව ද ආචාර්ය සුබ්‍රමනියන් මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, රාජ්‍ය අංශයට අවම වශයෙන් වැටුප් සහතික කර ඇති නමුත් තවත් බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් කැපකිරීම් කිරීමට සූදානම් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56