ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකා සිහිනය තවත් දුරයයි

අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පසු බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදු වුණා.

ඒ, එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති අවසන් ටෙස්ට් තරගය ලකුණු 423 කින් නවසීලන්තය ජයගෙන, තරගාවලිය තරග දෙකට එකක් ලෙස එංගලන්තය අද (17) ජයගැනීමත් සමඟයි.

එංගලන්ත – නවසීලන්ත තරගාවලියේ මෙම තීරණයත් සමඟ ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් සිව්වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවට 05 වන ස්ථානය දකවා පහළට වැටීම සිදුව තිබෙනවා.

ඒ, අනුව එම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පැමිණීමට නවසීලන්තයට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව අවම මට්ටමක පවතිනවා.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු, දෙවන සහ තෙවන ස්ථානවල පිළිවෙලින් දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව පසුවනවා.

2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14