ශ්රී ලාංකේය දේපල වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්රයේ අංක එකේ සහ විශ්වසනීයම සන්නාමය වන Home Lands ස්වකීය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමින් පසුගිය 12 වනදා තායිලන්තයේ පැවති ලෝ සුපතල PropertyGuru Asia Property Awards 2025 සම්මාන උළෙලේ දී “Best Developer, Sri Lanka” සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
එපමණක් නොව මෙරට දේපළ වෙළෙඳාම් සන්නාමයක් ජාත්යන්තරය ඉදිරියේ ඉහළම සම්මානයට පාත්ර වූ පළමු ස්වර්ණමය අවස්ථාව ද සනිටුහන් කරමින් “Best Lifestyle Developer, Asia” සම්මානය ද හිමිකරගැනීමට Home Lands සමත් වුණා.
PropertyGuru Asia Property Awards යනු වර්ෂ 2005 දී ඇරඹි ආසියානු දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්රයේ ඉහළම පිළිගැනීමක් හිමිකරගත් දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ ස්වර්ණ සම්මානයයි. වෘත්තිමය විශේෂඥභාවයකින් සහ විනිවිදභාවයකින් යුත් විනිශ්චය යාන්ත්රණයක් හරහා ආසියාවේ විශිෂ්ටතම දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන සන්නාමයන් ඇගයීමට ලක් කිරීම එහි ප්‍රධානතම අරමුණයි.
PropertyGuru Asia Property Awards හි දී ඉහත සඳහන් සුවිශේෂී සම්මාන ද්විත්වයට අමතරව Home Lands විශිෂ්ටත්වය තවත් ක්ෂේත්ර ගණනාවක් ඔස්සේ සම්මානනීයත්වයට පාත්ර විය. ඒ අතර,
● Best Luxury Condo Development (Colombo) – Pentara Residencies, Thummulla Handiya: “The Address in Colombo”
● Best Completed Condo Development – Santorini Resort Apartments & Residencies, Negombo
● Best Waterfront Condo Development – Bayfonte Marina Resort Apartments & Villas, Negombo
● Best Lifestyle Developer – Home Lands Skyline (Private) Limited
ජ්‍යාත්‍යන්තරය හමුවේ සම්මානනීයයත්වයට පාත්‍ර වූ විශිෂ්ටත්වය පිළිබඳව Home Lands සමූහයේ සභාපති නලින් හේරත් මෙලෙස සිය අදහස් පළ කළා.
“ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේපළ වෙළඳාම් සහ සංවර්ධන සන්නාමය ලෙස Home Lands මෙලෙස අඛණ්ඩව තෙවරක් සම්මානනීයත්වයට පාත්‍ර වීම, හුදෙක් අප ආයතනය ලැබූ ජයග්රහණයක් පමණක් නොව එය මුළුමහත් ශ්රී ලංකාවම අත්පත් කරගත් ජයග්රහණයකි. එවන් ජයග්රාහී තලයක අප ඔසවා තබමින් අඛණ්ඩ විශ්වාසයෙන් යුතුව අප හා රැඳී සිටින පාරිභෝගික සහ ගනුදෙනුකාර භවතුන්ට අපගේ විශේෂ ස්තූතිය හිමි විය යුතුම ය. මෙවන් සම්මාන ගණනාවක් අඛණ්ඩව අප වෙත හිමි වීම තුළින්, අසම සම ජීවන රටාවන් නිර්මාණය කරමින් විශ්වසනීයත්වය, නවෝත්පාදනය ඔස්සේ විශිෂ්ටත්වය කරා පියනගන අපගේ කැපවීම සහ ධාරිතාවය නැවත නැවතත් තහවුරු වේ. දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්රයේ ශ්රී ලාංකේය සලකුණ ජාත්යන්තරය වෙත ඔසවා තැබීමට අද මෙන්ම හෙටත් Home Lands අපි ඇපකැප වී කටයුතු කරන්නෙමු.”
දශක දෙකකට අධික සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන Home Lands සමූහය, සුවිසල් දේපළ හා නිවාස සංවර්ධන ව්යාපෘතීන් අඛණ්ඩව දියත් කරමින් මෙරට දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්රයේ අංක එකේ සහ වඩාත් විශ්වසනීයම සන්නාමය ලෙස කිරුළ දරා සිටී. අප විසින් නිර්මාණය කරන ලද නිවාස ඒකක 3400කට අධික සංඛ්යාවක් මේ වන විටත් සියලු ඉදිකිරීම් නිමකොට හිමිකරුවන් වෙත භාර දී ඇති අතර තවත් නිවාස ඒකක 2300කට අධික සංඛ්යාවකින් සැදුම්ලත් නව්යකරණය සහ නවෝත්පාදනය මුසු වූ සුවිසල් ව්යාපෘතීන් 8ක් මේ මොහොත වන විටත් ඉදි වෙමින් පවතිනවා.
Home Lands නාමයටම සුවිශේෂ වූ සුවිසල් ව්යාපෘතීන් අතර, අක්කර 55කට අධික භූමි භාගයක් පුරාවට වික්ටෝරියානු ආකෘතියට නිර්මාණය කෙරුණු Canterbury Golf Resort Apartments & Villas යනු ශ්රී ලංකාවේ සුවිශාලතම නිවාස සංවර්ධන ව්යාපෘතිය යි. සාම්ප්රදායික මහල් නිවාස සම්ප්රදාය අතික්රමණය කරමින් ගොල්ෆ් ක්රීඩාංගනයක් මැදි කොට ගනිමින් නූතන පහසුකම් සියල්ලකින් සමන්විත සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක අත්දැකීම දෛනික ජීවන රටාවට බද්ධ කරන්නට ඊට හැකි වූයේ ශ්රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්රයට ද නවමු පරිච්ඡේදයක් එක් කරමින්.
ක්ෂේත්රයේ සියලු අංශ ආවරණය වන පරිදි පැතිරුණු සමාගම් 13කින් යුත් අංගසම්පූර්ණ සමූහයක් වන Home Lands සතු සුවිශේෂත්වය නම්, ජාතික ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ඉහළම CS2 සහතිකය හිමිකරගත්, සමූහයට අයත් Heyraa Constructions ඉදිකිරීම් සමාගම හරහා සියලුම පරිමාණයන්හි නිවාස සංවර්ධන ව්යාපෘතීන්හි ඉදිකිරීම් කටයුතු 100%ක් ම Home Lands මගින් සිදු කිරීමයි. මෙලෙස ජාතික තලයේ විශිෂ්ටත්වය තහවුරු කළ Home Lands ඉන් නොනැවතී මේ වන විට ඔස්ට්රේලියාව සහ ඩුබායි හි පිහිටි සිය ශාඛාවන් හරහා ජාත්යන්තර ආයෝජකයින් ද මෙරට දේපළ වෙළෙඳපොළ වෙත ආකර්ෂණය කරගැනීමට සමත් ව සිටිනවා.
ජාත්යන්තර පර්යේෂණ බුද්ධි ඒකකයේ (RIU) නවතම Brand Health Survey 2025 දත්ත වාර්තාවන්ට අනුව, Home Lands ශ්රී ලාංකේය දේපල වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්රයේ ප්රමුඛයා බව නැවත නැවතත් තහවුරු කර ඇති බව ඔවුන් ඔබට දැනුම් දෙන්නේ මහත් අභිමානයෙන්.





