Empty Ad
AFC Banner
Empty Ad

“Gem Sri Lanka – 2025” ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේ දී අද (08) පෙරවරුවේ ආරම්භ වුණා.

චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද (08) දිනයේ සිට ජනවාරි 10 වනදා දක්වා පැවැත්වෙනවා.

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්ෂණයට ද එක්වූ අතර, එහිදී මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක “Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනයේ සංවිධායක මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

මෙවර “Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 103 කින් සමන්විත අතර, මේ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරිආරච්චි, චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති මර්ජාන්, තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කතාව කරන අතරතුර හොඳටම තදවුණු අන්කල් සැරටම බැනපු හැටි
02:31
Video thumbnail
ජනපති අනුර තිස්සමහරාම රැලියේ රටටම හෙළිකරපු දේ
18:11
Video thumbnail
සුපුරුදු ස්වරයෙන් ජනපති තිස්සමහරාමය සැරටම අමතපු හැටි
10:31
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන තිස්සමහරාම ජනතා රැලිය - සජීවීව
02:13:36
Video thumbnail
උණුසුම් පිළිගැනීමක් මැද එකපාරටම අනුර තිස්සමහරාම වේදිකාවට ගොඩවෙයි
00:55
Video thumbnail
අඩුවක් නැතිව සෙනග පිරුණු මාලිමාවේ රැලිය දෙවනත් කරපු අපේක්ෂිකාව
07:47
Video thumbnail
වෛද්‍යවරයෙකුට කළ අහස පොළොව නුහුලන වැඩක්
10:58
Video thumbnail
අලිමංකඩ ලුණු ලේවායත් රන් අකුරින් ලියන්නට සුදානම්
09:39
Video thumbnail
උතුම් ශ්‍රී දළදා දැක්මට සියල්ල සූදානම්
00:35
Video thumbnail
පුංචි ඡන්දෙ ගොඩදාගන්න වැඩේට බැහැපු සජිත් ඇක්ෂන් දාලා ආණ්ඩුවට දෙසපු හැටි
09:29

?