G7 සමුළුවට එක් වී හදිසියේම ආවේ සටන් විරාමවලට නෙවෙයි – ට්‍රම්ප්ගෙන් මැක්‍රෝන්ට උපහාසාත්මක පිළිතුරක්

කැනඩාවේ පැවති G7 සමුළුවෙන් කලින් පිටව ගිය ට්‍රම්ප්, ඉරාන වැසියන්ට වහාම ටෙහෙරානයෙන් ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල හා ඉරානය අතර සටන් විරාමයක් ඇති කරලීම සඳහා කටයුතු කිරීම පිණිස තමන් G7 සමුළුවෙන් වේලාසනින් ම පිටත්ව ගිය බවට වන ප්‍රකාශය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

‘ද ගාර්ඩියන්’ පුවත් සේවය සිදු කර ඇති පුවත් වාර්තාකරණයේ දැක්වෙන්නේ, ට්‍රම්ප් එම ප්‍රකාශය පතුරුවන ලද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රචාරණ සහ අවධානය සොයන අයෙකු ලෙස උපහාසයට නතු කර ඇති බවයි.

ප්‍රංශ ජනාධිපතිවරයා කිසිසේත්ම තමන් යළිත් වොෂින්ටනයට පැමිණෙන කාරණය නොදන්නා බව ද ට්‍රම්ප් සඳහන් කරනවා.

එලෙස පැමිණීමට හේතුව ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයකට වඩා විශාල සිදුවීමක් විය හැකි බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ සම්පූර්ණ සටහන වන්නේ;

”ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වැරදියට පැවසුවේ, මම කැනඩාවේ G7 සමුළුවෙන් ඉවත් වී ඊශ්‍රායලය සහ ඉරානය අතර “සටන් විරාමයක්” සඳහා වැඩ කිරීමට ඩී.සී. වෙත ආපසු යාමට ගිය බවයි. වැරදියි! මම දැන් වොෂින්ටනයට යන්නේ මන්දැයි ඔහුට අදහසක් නෑ., නමුත් එය නිසැකවම සටන් විරාමයක් සමඟ කිසිදු සම්බන්ධයක් ද නැහැ. ඊට වඩා හේතුව බොහෝ විශාලයි. හිතාමතා හෝ නැතත්, එමානුවෙල් සැමවිටම එය වැරදියට තේරුම් ගනී. ” යනුවෙනි.

මූලාශ්‍රය – www.theguardian.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?