DOSTI XVII – 2026 නාවික අභ්‍යාසයට ‘සුරනිමිල’ දිවයිනෙන් පිටව යයි

මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය විසින් 17 වැනි වරටත් සංවිධානය කරනු ලබන DOSTI XVII – 2026 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීම‍ට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, සුරනිමිල නෞකාව අද (14) කොළඹ වරායෙන් මාලදිවයිනේ මාලේ අගනුවර බලා පිටත්ව ගියා.

ඒ අනුව 2026 ජනවාරි මස 16 වන දින සිට 19 වන දින දක්වා මාලදිවයිනේ මාලේහි දී පැවැත්වීමට නියමිත මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව සහභාගීවීම මඟින්, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර පවත්නා ශක්තිමත් සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගිතාවය වර්ධනය කිරිම සඳහා වූ සාමූහික කැපවීම තහවුරු වනවා.

එමෙන්ම, කලාපීය නාවික හමුදා සහභාගීවන මෙවැනි නාවික අභ්‍යාස සඳහා සහභාගී වීම මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට කලාපීය නාවික හමුදා සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, කුසලතා ක්‍රමෝපායයන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීම හා ප්‍රථිචාර දැක්වීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40