Covid ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Covid-19 තවදුරටත් “ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” නියෝජනය නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ප්‍රකාශය වසංගතය අවසන් බවට හැඟවෙන ප්‍රධාන කරුණක් ලෙස පෙන්නුම් කෙරෙන අතර එම ප්‍රකාශය සිදු කෙරෙන්නේ වෛරසය පිළිබඳ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කිරීමෙන් වසර තුනකට පසුවයි.

WHO බලධාරීන් පැවසුවේ වෛරසයේ මරණ අනුපාතය 2021 වසරේ ජනවාරි මාසයේදී සතියකට පුද්ගලයින් 100,000 කට වඩා වැඩි ප්‍රමාණයක සිට මෙම වසරේ අප්‍රේල් මස 24 වන දින වන විට 3,500 කට වඩා අඩු වී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා (Tedros Adhanom Ghebreyesus) ප්‍රකාශ කර ඇත්තේ වසංගතයෙන් අවම වශයෙන් මිලියන හතක ජනතාවක් මිය ගිය බවයි.

ඊයේ කොවිඩ් හදිසි කමිටුව 15 වන වරටත් රැස් වූ අතර එහිදී ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් කරන ලෙස නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා.

එය පිළිගනිමින් COVID-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් වීම අවසන් බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ.

කාලයක සිට මෙම තීරණය ඉතා හොඳින් සලකා බලා දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් බවද ඔහු සඳහන් කර තිබෙනවා.

නමුත් ඔහු අනතුරු අඟවා ඇත්තේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් අනතුර අවසන් වී ඇති බවක් අදහස් නොවන අතර තත්වය වෙනස් වුවහොත් හදිසි තත්ත්වය නැවත ස්ථාපිත කළ හැකි බවයි.

එන්නත් ලබාදීම මෙම වසංගතයේ අවදානමෙන් ඉවත් වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එන්නත් මාත්‍රා බිලියන 13 ක් ලබා දී තිබෙනවා.

නමුත් බොහෝ රටවල එන්නත් අවශ්‍ය අයගෙන් වැඩි දෙනෙකු වෙත ඒවා ළඟා වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ලොව පුරා තහවුරු වී ඇති Covid ආසාදන සංඛ්‍යාව මිලියන 765 ඉක්ම වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?