අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද (09) දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
රුපියල් ලක්ෂ 40ක මුදලක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය විසින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව ඔහුව ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබුවා.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
ඒ, අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව්.එම්.අතුල තිලකරත්න නැමැත්තාපසුගිය මැයි 12 වනදාට යෙදී තිබූ වෙසක් පෝහෝ දිනයේ ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
බන්ධනාගාර අධිකාරිවරයාගේ එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදාහරින ලෙස නියෝගකර තිබෙනවා.
මේ සාම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.





