Empty Ad
Empty Ad
AFC Banner

සහකාරියක් එක්ක මේ ගමන යන්න අමාරුයි

ගියේ වෙස්ලි එකට, ඒ ලෙවල් කළේ ගණිත අංශයෙන්, ආත්මාරක්ෂක සටන් ක්‍රම ප්‍රගුණ කළ දක්ෂයෙක්, අද වෘත්තීය රංග ශිල්පියෙක්.
දාම් කෙවින් වූ චමීර ලියනගේ රඟන ‘දාම්’ ටෙලිමාලාව මේ දිනවල සිරස ටී.වී. ඔස්සේ විකාශය වෙනවා. ඔහු සමග අපි පිළිසඳරකට එක්වෙමු.

‘චමීර ලියනගේ’ කැමතියි දැනගන්න ඔබ ගැන විස්තර ටිකක්?

2005 දී විතර කලා ලොවේ මගේ ගමන පටන් ගත්තෙ, සිරස තරුමංසලෙන්. ඉන් පස්සෙ උසස් පෙළ එහෙම කරලා සිටිය දී, 2008 දී වගේ තමයි රංගන ක්ෂේත්‍රයට ආවෙ.

• ඉගෙන ගත්තෙ මොන අංශයෙන් ද?

මම ගියේ වෙස්ලි විද්‍යාලයට. ඒ ලෙවල් කළේ ගණිත අංශයෙන්. ඉංජිනියර් කෙනෙක් වීමටයි ආසා කළේ. සිරස තරුමංසලට ගියාම ඒ අදහස වෙනස් වුණා. එයින් පසුව උනන්දු වුණේ නළුවකු වීමටයි. මම පුද්ගලිකව හිතන විදියට තමුන් කරන ජොබ් එක ආසාවෙන් කළ යුතු එකක් වෙන්න ඕනෑ. එතකොට ඒ ගමන සාර්ථක කරගන්න පුළුවනි. ඒ නිසා නළුකම ගැන හිතලා මම ඊට කැපවෙන්න පටන් ගත්තා. හෙමින් හෙමින් මේ යන්නෙ ඒ ගමනයි. ඒ යන ගමනට මගේ අම්මා තාත්තා, අයියා අක්කා සහ මල්ලිත් මට උදවුවට ඉන්නවා. ඒ අය මට ශක්තියක්.

• මොන වගේ පවුලක් ද ඒ?

බොහෝම ආදරණීය පවුලක්. ෂූටිං වලට යද්දි මම ඇහැරෙන්නෙ පාන්දර හතරට – පහට නම් අම්මා හරි තාත්තා හරි පාන්දර නැගිටලා මගේ ඇඳුම් ලැහැස්ති කරලා දීලා, මට උදවු කරනවා. ඒ නිසාම රඟපෑමේ පසුතලයට මම යන්නෙ හරිම ප්‍රබෝධයකින්.

• චමීරගෙ ගම?

කඩවත

• ඉගෙනීමට හැර වෙන මොනවට ද දක්ෂ වුණේ ?

ආත්මාරක්ෂක සටන් ක්‍රම ප්‍රගුණ කළා.

• අනපේක්ෂිත විදියට සතුරු කරදරයකට මුහුණ දෙන්න සිදුවුණොත් ?

ෂේප් එකේ තුන්දෙනෙක් එක්ක විතර හැප්පෙන්න පුළුවනි. ඊට වැඩිය ආවොත් නම්, පොල්ලක්වත් ගන්න වෙනවා. හැබැයි ඉතිං ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගෙන ගත්තෙ කා එක්කවත් සටන් කරන්න නම් නෙවෙයි. ශාරීරික යෝග්‍යතාවයට වගේම මානසික ශක්තිය වර්ධනයටත් එය හොඳ හැදෑරීමක්.

• චමීර ටෙලි ක්ෂේත්‍රයට මුලින්ම දායක වූ නිර්මාණ ගැන කිව්වොත්?

2014 දී විතර ගයාරම්‍ය අල්විස් මහතා අධ්‍යක්ෂණය කළ කොළඹ අහස යට නාට්‍යයේ ප්‍රධාන චරිතයට දායක වුණා. ඒ නිසාම 2015 දී සුමති සම්මාන උළෙලේ දී නැගී එන නළුවා ලෙස නිර්දේශ වීම පවා වුණා. ඉන්පසුව ටෙලි නිර්මාණ කීපයකටම දායකවීමේ අවස්ථා හිමි වුණා. චනික පෙරේරාගේ රන්තිලිවැව, ධනුෂ්ක රත්නායක අයියගෙ වෙස්, ඉන්දික ධර්මතිලකගෙ ගිරිදේවි ඇතුළු ටෙලි නිර්මාණ හතළිහකට ආසන්න සංඛ්‍යාවකට මේ දක්වා දායකවෙලා තියෙනවා. ඒ අතරින් රන්තිලිවැව සහ වෙස් නාට්‍යයේ රඟපෑ චරිත ගැන වැඩි පිරිසක් කතා කළා.

• අපි අද විකාශය වන දාම් නාට්‍යයේ චරිතය ගැන කතා කරමු ?

අනතුරක් නිසා බිරිඳ අහිමි වූ එක් දියණියක සිටින තාත්තා කෙනෙක්. එය බිරිඳ නැතිවීමට පෙර කටයුතු කළේ DJ කෙනෙක් ලෙසයි. බිරිඳ සිටිය දී ඉතාම සතුටින් ජීවත් වූ පවුලක්. ගුවන් සේවිකාවක වූ බිරිඳ නැතිවෙන්නෙ ගුවන් අනතුරක් නිසයි. ඒත් පසුව ඇය ඉන්නවාය කියලා දැනගන්නවා. එතැනින් එහාට කුමක්ද වෙන්නෙ කියලා අපි මේ කතාව ඉවරවෙනකල්ම නරඹලා බලමු. දැනට විකාශය වූ කොටස් කීපයට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණෙ. ඒ ගැන හරිම සතුටුයි.

• දාම් නාට්‍යයේ කෙවින් ලෙස රඟපාන චරිතය සහ සැබෑ ජීවිතයේ ඔබගෙ චරිතය ගැන සසඳන්නෙ මොන විදියට ද?

කෙවින් තාත්තා කෙනෙක්. සැබෑ ජීවිතයේ දී තවම මම ඒ ගැන හිතලාවත් නැහැ.  කසාද බැඳලත් නෑ, මට දරුවොත් නැහැ. හැබැයි මේ නාට්‍යයේ අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක අයියා දරු දෙදෙනෙකුගේ පියෙක්. ඒ අත්දැකීම් එක්ක කෙවින්ගෙ චරිතය රඟපෑමට එයා මට බොහෝ දේ කියා දුන්නා. පිටපත ලියන කෞෂල්‍ය පතිරණ අයියා සහ කැමරා අධ්‍යක්ෂණය කළ ඇඩම් අයියා මට සෑහෙන්න උදවු කළා. ඒ අය හැර දාම් කණ්ඩායමේ ඔක්කෝමලා එක පවුලක ඉත්තෝ වගේ එකම බැඳීමකින් කටයුතු කළ බව කියන්න පුළුවනි. අපේ නිෂ්පාදන ගයාන් දිනේෂ් පෙරේරාවත් සිහිපත් කරන්නම ඕනෑ.

• චමීර සැබෑ ජීවිතයේ ප්‍රේමය කොහොම ද? මනරම් ද?

තවම පෙම්වතෙක්  නෙවෙයි. මොකද ඒ ගැන හිතන්න කාලයක් මට නැහැ. මට මේ ගමන ස්ථාවරව හදාගන්න ඕනෑ. තව සහකාරියක එක්ක මේ ගමන යන්න අමාරුයි. ඒ නිසා තනිවම ගමනක් යමින් ඉන්නෙ. මම ලැහැස්ති වෙන්නේ ඒ ගමනටයි.

• ඒ මොන වගේ ගමනක් ද?

හොඳ ෆිල්ම් ස්ටාර් කෙනෙක්වීම මගේ අරමුණයි. දැන් එක් ෆිල්ම් එකකට දායක වෙලා තියෙනවා. හේමන්ත ප්‍රසාද් අයියා කළ ඒ ෆිල්ම් එකේ නම උලලේනි.

• චමීර ආදරය ගැන හිතන්නෙ කොහොම ද?

ඇතුවත් බැරි, නැතුවත් බැරි දෙයක්.

• ආදරය කරලම නැද්ද?

කරලා තියෙනවා.

• අද මේ විදියට ආදරය නැතුව ඉන්න පුළුවනි ද?

මට ගෙදරින්, ප්‍රේක්ෂකයන්ගෙන් සහ මා වටා සිටින පිරිසගෙන් ලැබෙන ආදරය හොඳයි. ඒ නිසා ආදරය නැතුව ඉන්න කෙනෙක් නෙවෙයි මම.

• දාම් නාට්‍යයේ වගේ සිදුවීමකට සැබෑ ජීවිතයේ දී මුහුණ දෙන්න වුණොත්?

එහෙම වුණොත් ඒක මට දරාගන්න බැරිවේවි. හැබැයි කෙවින් කියන්නෙ හොඳට දරාගන්න පුළුවන් කෙනෙක්. ඒ දරා ගැනීම මගේ සැබෑ ජීවිතයටත් අවශ්‍යයි. එවිට අභියෝග ජයගන්න පුළුවනි. ජීවිතයේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.

• අද ඔබගේ වෘත්තිය නළුකම විතර ද?

ඔව්, මම වෘත්තීය නළුවෙක්. කන්නෙ, බොන්නෙ, අඳින්නෙ පළඳින්නෙ, ඒ ඔක්කෝම කරන්නෙ නළුකම නිසයි. මේ දේශ සීමාවෙන් එහාට ගිහිල්ලා කවදා හරි ලෝක සිනමාව ස්පර්ශ කරන්න පුළුවන් නම්, අන්න ඒකට උත්සාහ ගන්නවා. ඒත් ජීවිතය නතර වෙන තැන දැන්ම කියන්න බැහැ.

• චමීරගෙ ජීවිතය ලස්සනයි ද? කටුක ද?

ලස්සනයි, ජීවිතය ලස්සන කරගන්න, සාර්ථක කරගන්න මහන්සි වෙන්නට ඕනෑ. මෙතෙක් ගෙවූ ජීවිතය ගැන හරිම සතුටුයි. කාටවත් වරදක් කරලා නැහැ.

• පුද්ගලයකු ලෙස ඔබ වෙතින් දකින හොඳම දේ?

ඉවසීම.

• මේ දක්වා නැරඹූ ටෙලිනාට්‍ය අතරින් ඔබ පුදුමයට පත් කළේ?

කූඹියෝ

• නළුවා කියන කෙනා සාමාන්‍ය සමාජයේදී මොන වගේ විය යුතුය කියලද හිතන්නෙ?

ඔහු ඉතාම ආදර්ශවත් වුණොත් හොඳයි. ආදර්ශවත්ව ජීවත්විය යුතුයි. තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ආදර්ශවත් විදියට ජීවත්වීම ලොකු දෙයක්.

• ගාමිණි, විජය, ටෝනි, ජෝ ඒ අතරින් ඔබ විශ්මයට පත්කළ රංගධරයා කවුද?

ජෝ මහත්තයා. ඒ තරම් දක්ෂයෙක් මම දැකලා නැති තරම්. අපේ තාරුණ්‍යයේ කොල්ලො කියන විදියට පට්ටම දක්ෂයෙක්, මාරම දක්ෂයෙක්.

• නිළියන් අතරින්?

අනෝජා වීරසිංහ රංග ශිල්පිනියට.

• දාම් එකේ තරින්දි කොහොමද?

ලොකු සහයෝගයක් ලබාදෙන ඉතාම හොඳ සහෝදර ශිල්පිනියක්.

• චමීරට තව මොනව ද කියන්න තියෙන්නෙ?

ජීවිතයේ නිකං හිටියොත් මොනවත් ලැබෙන්නෙ නැහැ. මහන්සි වෙන්න තාරුණ්‍යයට මගේ පණිවුඩය එයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?