AFC Banner
AFC Banner
Empty Ad

CCD හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා විශේෂ ආරක්ෂාවක් යටතේ සිපිරිගෙට

රුපියල් කෝටි 14ක් වටිනා මැණික්, වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒකපාර්ශික ව පැමිණිලිකරුට ලබාදීමේ චෝදනාවට එරෙහිව අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට රත්නපුර මහේස්ත්‍රාත් සමන් ඩී.කේ බරනලියනගේ මහතා අද (10) නියෝග කළා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඊයේ (09) අත්අඩංගුවට ගෙන අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

2023 වසරේ අගෝස්තු 02 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබාගත් බවට පැමිණිල්ලක් කර තිබු බව එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැම්ණිලි අංශයට ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වූයේ.

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා විවෘත අධිකරණයේ දී සඳහන් කළේ; නිසි විමර්ශනයකින් තොරව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මැණික් ව්‍යාපරයක් සඳහා යොදවන ලද රුපියල් කෝටි 14ක මුදලක් ආපසු නොදී වංචා කිරීම ගැන නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු ප්‍රථමයෙන් ම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබු බවත් එහි විමර්ශන අනුව බී19536/23 යටතේ නුගේගොඩ අධිකරණය වෙත කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කර තිබු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එම පාර්ශ්ව දෙක දීර්ඝ කාලයක් මැණික් ව්‍යාපාරයේ යෙදී ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන අතරතුර දි කුරුවිට මැණික් ව්‍යාපාරිකයා සැඟවී ඇති බවට නුගේගොඩ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබූ බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ.

පසුව ඔවුන් දෙදෙනා එකඟතාවකට ද පැමිණ ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිසියාකාරව පරීක්ෂණ සිදු නොකර සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි සැකකරුගේ නීතිඥවරුන් පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ; සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වු බවයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ල අනුව නිසිලෙස විමර්ශන කටයුතු සිදු කර ඇතැයි එම නිලධාරින් අධිකරණයට පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?